gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

''ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ සියලු දෙනාට මරණ දඬුවම දෙන්න'' - මරික්කාර්

ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ සියලු දෙනාට මරණ දඬුවම ලබාදිය යුතු බවත් ඒ සඳහා ලංකාවේ පවතින නීති කඩිනමින් සංශෝධනය කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි. කොලෝනානේ පැවැති විවෘත කිරිම් කිහිපයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“ මම ශ්‍රී ලාංකිකයෙක්, ශ්‍රී ලාංකික මන්ත්‍රීවරයෙක් ලෙස මේ ත්‍රස්තවාදී ප්‍රහාරය ඉතාම නින්දිතයි, නිර්ලජ්ජිතයි කියනවා. මෙම සිදුවිමට ආධාර උපකාර දුන් සියළු දෙනාම තරාතිරම නොබලා ඇතැම් විට දේශපාඥයින් වෙන්න පුළුවන් වෙනත් අයත් වෙන්නත් පුළුවන් ඒ සියලු දෙනාටම නීතිය ක්‍රියාත්මක කළ යුතු වෙනවා.

ඒ වගේම දේශීය හෝ විදේශීය වශයෙන් ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සම්බන්ධවෙලා කටයුතු කරපු පිරිසට අධිකරණය මගින් වරද තහවුරු වූ පසු ලංකවේ නීතියෙන් දඬුවම් දෙන්න ගැටලුවක් තිබෙනවානම් වහාම මේ නීතිය සංශෝධනය කරන්න පාර්ලිමේන්තුවට යොමුකරන්න.

''රාජ්‍ය ආරක්ෂාව සැමට ඉහළින් තිබිය යුතුයි ''

ඒ ඔක්කොටම මරණ දඬුවම ලබාදිය හැකි ආකාරයේ නීති ගෙන ආ යුතුයි. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දෙන්න ඕනේ කියනවානම් රාජ්‍ය ආරක්ෂාව ඊට වඩා ඉහළින් තියෙන නිසා එයට තර්ජනයක් වන ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම දෙන්න පනතක් ගෙන ආවා කියලා කිසිඳු ගැටලුවක් නෑ. නමුත් කවුරුහරි මේ දේට විරුද්ධ වෙනවානම් ඒ අයගේ ස්වාභාවය අපිට ඒ වෙද්දී බලාගන්න පුළුවන්.

ඒ වගේම දැන් ඉතාම හොඳින් ත්‍රිවිධ හමුදාවයි, පොලිසියය මේ ත්‍රස්තක්‍රියා වල අග මුල සොයාගෙන් අල්ලගෙන යනවා. අපි දැන් කළ යුත්තේ ත්‍රිවිධ හමුදාවටයි පොලීසියටයි ඒ රාජකාරිය කරන්න අවශ්‍ය උත්තේජනය හා නිදහස ලබාදීමයි.”


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka