gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දෙස් විදෙස් ත්‍රස්ත සැකකරුවන් 5000 කගේ නම් එළියට - ජාත්‍යන්තර පොලිසියෙන් ලැබුණු රහස් නාම ලේඛණය සියළුම මූල්‍ය ආයතන වෙතට

දේශීය සහ විදේශීය වශයෙන් නමගිය ත්‍රස්ත සාමාජිකයන් 5000කට අධික පිරිසකගේ නාමලේඛනයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙරට සියලු මූල්‍ය ආයතන වෙත යොමුකර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
අදාළ ත්‍රස්ත සැකකරුවන් ලංකාවේ මූල්‍ය ආයතන සමඟ ගනුදෙනු කර ඇත්දැයි සොයාබැලීම සඳහා ජාත්‍යන්තර පොලිසිය විසින් මෙම රහසිගත නාම ලේඛණය ශ්‍රී ලංකා මහ බැංකුවට එවා ඇති අතර මහ බැංකුව විසින් ශ්‍රී ලංකාවේ සියළු මූල්‍ය ආයතන වෙත එම නාමලේඛණය  ලබා දී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

අදාළ නාම ලේඛණය තුළ අයි.එස්. සංවිධානය, අල්කයිඩා සංවිධානය, තලෙයිබාන් සංවිධානය, එල්.ටී.ටී.ඊ සංවිධානය, ඉරානයේ ත්‍රස්ත සංවිධාන සහ කොරියානු ආයුධ අලෙවි කරන සංවිධාන හයක ප්‍රබලයන්ගේ නම් ඇතුළත් බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ

එසේම එම ලැයිස්තුවේ සිටින පිරිස් දේශීයව හෝ විදේශීයව ගනුදෙනු කර තිබේද යන්න පිළිබඳව සහ එලෙස ගනුදෙනු කර ඇති නම් ඊට අදාළව වාර්තාවක් ලබාදෙන ලෙසද මහ බැංකුව සියළු මූල්‍ය ආයතන වෙත විශේෂයෙන් දන්වා ඇති බවද සඳහන්.

මූලාශ්‍රය - දේශය පුවත්පත


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka