gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංවිම පඩි කපයි.. සේවකයෝ මහා විරෝධතාවක් හෙටම කැදවති

ලංකා විදුලිබල මණ්ඩලයේ 50% ක් පමණ වූ තාක්ෂණික සේවකයන්ගේ අප්‍රේල් සහ මැයි මස වැටුප් කප්පාදුව සම්බන්ධයෙන් විරෝධතාවක් හෙට දිනයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

හෙට මධ්‍යහන 12 ට පැවැත්වෙන එම උද්ගොෂණයෙන් පසුව ඉදිරියේදී දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් තීරණය කර ඇතැයි වාර්තා වෙයි.


මේ සම්බන්ධයෙන් ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.

ලංකා විදුලිබල මණ්ඩලය තුල වැටුප් වැඩිකිරීමේ ක‍්‍රමවේදයන් පවතී. සෑම වසර තුනකට වරක්ම වැටුප් වැඩිකරන අතර දෙපාර්ශවයේ එකගතාවය තුල මණ්ඩලීය අනුමැතියද රජයේ අනුමැතීන් තුල සාමූහික ගිවිසුමක් මගින් මෙම වැටුප් වැඩිවීම ලබා දෙනු ලබයි. අවසන් වරට 2018.01.01 සිට ලංවිම සමස්ථ සේවකයින් හට වැටුප් වැඩි කරන ලදී.

මෙම වැටුප් වැඩි වීම ලබා දීමේදී මත දෙකක් ඉදිරිපත් විය. ලංවිම 100‍% ම තාක්ෂණික ආයතනයක් වන අතර ජීවිත අවධානම හා බරපතල අනතුරු වලට ලක් වෙමින් රාජකාරී කටයුතු කිරීමට මෙම තාක්ෂණික සේවක මහත්වරුන්ට සිදුව ඇත. මෙම හේතුව සලකා ලංවිම ඉංජිනේරුවන් හා අනෙකුත් සමස්ථ තාක්ෂණික සේවකයින් හට වෙනම සේවවාක් තුල පිහිට විය යුතු බව දීර්ඝ කාලීනව ඉල්ලීම් ඉදිරිපත් විය. 2018 වැටුප් වැඩි කිරීමේදී තාක්ෂණික කණ්ඩායම් මෙම ඉල්ලීම ඉදිරිපත් කල අතර අනෙක් කණ්ඩායම සාමාන්‍යාධිකාරී වරයාගේ සිට 1:6 වැටුප් අනුපාතයක් තුල වැඩිවිය යුතු බව යෝජනා කර ඒ වෙනුවෙන් 2017 වසර අග භාගයේ දැවැන්ත වැඩ වර්ජනයක නිරත විය කෙසේ වෙතත් ඔවුන්ටද අසාධාරනයක් නොවන පරිදි තාක්ෂණික කණ්ඩායම ඒකාබද් ඉංජිනේරු සේවය පිහිටුවා ඊට ඇතුලත් කර ඒ වෙනුවෙන් 2017/ජීඑම්/පිරිස් චක‍්‍රලේඛය නිකුත් කරන ලදී.

වර්ජිත කණ්ඩායම වර්ජනය අවසන් කිරීමට කම්කරු අඥා පනතේ 12(1) වගන්තිය තුල සමත කරන ගිවිසුමකට පැමිණි අතර එම ගිවිසුමේ කොන්දේසි අංක 01 යටතේ මෙම චක‍්‍රලේඛයට අදාලව වැටුප් ක‍්‍රම වේදය පිළිගනු ලැබීය. ඉන් අනතුරුව ලංවිම පාලනාධිකාරිය හා වෘත්තීය සමිති අතර අත්සන් තැබු මෙම සාමූහික ගිවිසුම මගින් මෙම වැටුප් ක‍්‍රමය හා ඒකාබද්ධ ඉංජිනේරු සේවාව පිළිගනු ලැබීය. මෙම ගිවිසුම 2018.01.01 දින සිට 2020.12.31 දක්වා වලංගු වන අතරම කම්කරු කොමසාරිස් ජනරාල් වරයා විසින් ද අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම ගිවිසුම ප‍්‍රකාෂයට පත්කර ඇත.

මෙවැනි ගිවිසුම් දෙකක් මගින් ස්ථාපිතව පැවති වැටුප් ක‍්‍රමය තුල විශාල සේවක සංඛ්‍යාවක් ලංවිමට ඇතුලත් කරගෙන ඇති අතර තවත් විශාල පිරිසක් විශ‍්‍රාම ගොස් ඇත එමෙන්ම මෙම වැටුප පදනම්ව සේවකයින් ණය ලබා ගෙන අති අතර නොයෙකුත් ගිවිසුම් සදහාද ඇතුලත් වී ඇත.

කරුණු මෙසේ තිබියදී හදිසියේ ලංවිම සාමාන්‍යාධිකාරී වරයා විසින් 2019/ජීඑම්/14,15/පිරිස් දරණ චක‍්‍රලේඛය මගින් ඒකාබද්ධ ඉංජිනේරු සේවයේ සමස්ථ සේවකයින්ගේ වැටුප් අත් හිටුවා ඒ වෙනුවට නැවත අයකර ගැනීමේ කොන්දේසි මත අත්තිකාරම් මුදලක් පමණක් ගෙවා ඇත. එමෙන්ම මෙම උත්සව සමයේ ඔවුනට ලබා දෙනු ලබන උත්සව අත්තිකාරම් මුදල් ගෙවීමද නතර කර ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය අත්සන් තබන ලද 12(01* සමත ගිවිසුම තුල හෝ සාමුහික ගිවිසුම තුල මෙවැනි අත්තනෝමතික අයුරින් වැටුප් වෙනස් කිරීමට අයිතියක් නොමැත. ගිවිසුම් ගත අනෙක් පාර්ශවයන්ට කිසිදු දැනුම් දීමක් හෝ සාකච්චාවකින් තොරව සිදුකර ඇති මෙම ක‍්‍රියාවලිය පිළිබදව 55‍්‍ර පමණ සිටින තාක්ෂණික සේවකයින් දැඩි නොසන්සුන් තාවකට පත්ව ඇත. මෙම තත්වය පිළිබදව අප පෙරමුණට අයත් වෘත්තීය සමිති ලංවිම සාමාන්‍යාධිකාරී වරයාට හා කම්කරු කොමසාරිස් වරයාටත් මීට අදාල සිය`ථ බල අධිකාරීන් වෙතත් පැමිණිලි කර ඇත. මෙවැනි උත්සව සමයක මෙලෙස අමානුශිකව සිදුකල ක‍්‍රියාව නිවරදි කිරීමට කිසිවෙකුත් මේවන තෙක් ක‍්‍රියා කර නොමැත. අප පෙරමුණ මේ පිළිබදව දැඩි අප‍්‍රසාදය පල කරන අතර මෙම කරුණු ගැබුරින් සලකා බැලූ අප පාලනාධිකාරියේ මෙම අත්තනෝමතිකත්වයට එරෙහිව දැඩි ක‍්‍රියා මාර්ග ගැනීමට තීරණය කර ඇත.



අප පෙරමුණ තුල ලංවිම සමස්ත තාක්ෂණිකයන්ගේන් සමන් විත වනු ලබන අතර අප ගනු ලබන ක‍්‍රියාමාර්ග සෘජුවම මහජනතාවට දැනීම නොවැලැක්විය හැක. එබැවින් එවැනි තත්වයක් ඇතිවුව හොත් එහි වගකීම පාලනාධිකාරිය හා ලංවිම ඇමති තුමා භාරගත යුතු වනු ඇත.

මෙමගින් මහජනතාවට සිදුවන පීඩාවන් පිළිබදව අප කණගාටුව ප‍්‍රකාශ කරමු.

– ලංකා විදුලි බල මණ්ඩල ජනන පුහුණු තාක්‍ෂණ වෘත්තිකයන්ගේ සංගමය


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka