gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සයින්දමර්දු ගිය ජනපති නැගෙනහිර සරසවිය ගැන තීන්දුවක් ගනියි !

ත්‍රස්තවාදය ලොව කොතනක හෝ ජයග්‍රහණය කර නොමැති බවත් අන්තවාදී ත්‍රස්තවාදයේ ම්ලේච්ඡ අරමුණුවලට ශ්‍රී ලාංකික ජාතිය බෙදා වෙන් කිරීමට ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමිනි.

පසුගියදා බෝම්බ පිපිරීම සිදු වූ කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවකට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ එක් විය.

එහිදී නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරීන් හා එම පළාතේ මුස්ලිම් තරුණ තරුණියන් මුණ ගැසී සයින්දමර්දු ලී මැරිඩියන් දේශන ශාලාවේදී ජනපතිවරයා ඔවුන් සමඟ සාකච්ඡාවකට ද එක් විය.

නැගෙනහිර පළාතේ රාජ්‍ය නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම ආරක්‍ෂක අංශ ප්‍රධානීන් ද මෙම හමුවට එක්ව සිටියේය.

එහිදී සිරිසේන මහතා කියා සිටියේ ආරක්‍ෂක අංශවල සිදු කරන ලද පැහැදිලි ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ සමග මෙරට ජාතික ආරක්‍ෂාව මේ වන විට නව මුහුණුවරක් හා සැලැස්මක් ඔස්සේ ක්‍රියාත්මක වන බවයි.

එම වැඩපිළිවෙළ මගින් සියලු පුරවැසියන්ට බියෙන් සැකෙන් තොරව නිදහස් සමාජයක ජීවත් වීමේ අයිතිය තහවුරු කර ඇති බව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා පෙන්වා දී තිබිණි.

මඩකලපුව විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා ගනිමින් එහි නීතිරීති අනුව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී කියා සිටියේය.

එහිදී එම විශ්වවිද්‍යාලය මඟින් පවත්වාගෙන යනු ලබන විෂය මාලා පිළිබඳව පැහැදිලි තීරණයක් ගැනීමට නියමිත බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka