gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පෙට‍්‍රල්-ඩීසල් මිල ඉහල දැමේ.. අලුත් මිල ගණන් මෙන්න

සෑම මසකම 10 වැනිදා ක‍්‍රියාත්මක වන ඉන්ධන මිල සූත‍්‍රය අනුව ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 3කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල් 5කින්, සුපිරි ඩීසල් රුපියල් 2කින් ලීටරයක මිල ඉහල දමා ඇත.

ඒ අනුව නව ඉන්ධන මිල ගණන් මෙසේය.
ඔක්ටේන් 92 – 135
ඔක්ටේන් 95 – 164
සුපිරි ඩීසල් – 136

මිල සූත‍්‍රය අනුව මිල ඉහල නැංවුව බව පැවසුවද සුදු ඩීසල් හා භූමිතෙල් මිල ගණන් මිල සූත‍්‍රයෙන් වැඩි නොවී තිබීම විශේෂත්වයකි.

IOC ඉන්ධන මිලත් ඉහළට

ලංකා අයි. ඕ. සී සමාගම ද ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.

එම සමාගම පවසන්නේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල  රුපියල් 3 කින් ඉහල දමන බවයි.

 එක්ස්ට්‍රා ප්‍රිමියර් පෙට්‍රල් ලිටරයක මිල රුපියලි 5 කින් ද ඉහල දමන බව එම සමාගම පවසයි.

 මීට අමතරව සුපර් ඩිසල් ලීටරයක මිල රුපියල් 02කින් ද ඉහල දැමිමට එම සමාගම තීරණය කර තිබේ.

 ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 135කට ද ඔක්ටේන් 95 වර්ගයේ එක්ස්ට්‍රා ප්‍රිමයර් පෙට්‍රල් ලීටරයක් රුපියල් 167කට ද සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 136කට ද අයි.ඕ.සී සමාගම මගින් අලෙවි කරනු ඇති.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka