gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෝටි ගණන් සල්ලි අරන් කැනඩාවට මිනිස්සු යවපු ඇමැති මස්සිනා !

ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සේවය කරන නිලධාරීන් ලෙස හඳුන්වමින් පිටස්තර පුද්ගලයන් හය දෙනකු, සංචාරක සංවර්ධන ඇමැති ජෝන් අමරතුංග මහතාගේ අස්සන හොරට යොදා කැනඩාවේ පැවැති ලෝක සංචාරක නියෝජිතයන්ගේ ප්‍රදර්ශනයකට සහභාගි කරවීමේ කූට ජාවාරමක් ගැන වාර්තා වේ. මෙසේ කැනඩාවට යවා ඇති අයගෙන් කිසිවකු ආපසු ශ්‍රී  ලංකාවට පැමිණ නැත.

දැනගන්නට ඇති අන්දමට කැනඩාවට යැවූ එක් අයකුගෙන් ලක්ෂ 30ත් 40ත් අතර මුදලක් ඇමැතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ වගකිවයුතු පුද්ගලයකු විසින් ලබාගෙන ඇති බවද කියයි.

වාර්තාවේ වන අන්දමට කැනඩාවේ ඔන්ටාරියෝ ඔටාවාහි 2019 මාර්තු 30 සහ 31 දිනවල “ඊඩඥ ඊපචමඥත ඒදඤ ඍචජචබඪධද ඉඩධඹ” නමැති සංචාරක උදාව ලෙස හැඳින්වෙන සංචාරක නියෝජිතයන්ගේ ප්‍රදර්ශනයට සහභාගි කරවීම සඳහා පිටස්තර හයදෙනා සහභාගි කරවා තිබෙන්නේ සංචාරක මණ්ඩලයේ සංචාරක ප්‍රවර්ධන නිලධාරීන්, ජේ‍යෂ්ඨ සංචාරක උපදේශක, සංචාරක උපදේශක යන තනතුරුවල සිටින අය වශයෙනි. ඔවුන් එම ප්‍රදර්ශනයට සහභාගි කරවන බව ඇමැතිවරයාගේ අස්සන හොරට යොදා ඇමැතිවරයාගේ නිල මුද්‍රාවද සහිත ලිපියකින් 2019 මාර්තු 08 වැනිදා කැනඩාවේ ඔටාවාහි රොබට් ප්ලේසර් (අධඡඥපබ ර්ථීතචරඥප, ර්ථීතචභඨඥප ඡ්යනධඵඪබඪධදඵ 255, ඛ්තඥථධදඵ ඒමඥපදභඥ ර්ණීබබචඹච, ර්ණීදබචමඪධ ඛ්චදචඤච යන ලිපිනයට දැනුම් දී තිබේ. මේ අතර එම ප්‍රදර්ශනයට සහභාගි වන අයට ඇතුළුවීමේ අවසර පත්‍ර වෙනුවෙන් 2019.03.01 දින කැනඩා ඩොලර් 1910ක මුදලක් අමාත්‍යාංශයේ යතුරුලියන්නියකගේ කේ‍රඩිට් කාඩ් පතකින් ගෙවා ඇත. එම මුදල් ගෙවීමට අදාළ ෆෝරමයට අනුමැතිය ලබාදී තිබෙන්නේ ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයායි. ඔහු සිය තනතුරට අදාළව මුද්‍රාවද එම ෆෝරමයට තබා තිබේ. පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කරන්නේ ඇමැතිවරයාගේ මස්සිනා කෙනෙකි. මේ වංචාව පිළිබඳව අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතාගෙන් විමසූ විට කීවේ මේ ක්‍රියාවට අදාළ ලියකියවිලි කැනඩාවේ ශ්‍රී  ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් ලැබී තිබෙන බවත්, එහි තිබෙන අස්සන තමාගේ නොවන බව ඇමැතිවරයා පැවැසූ අතර, මේ පිළිබඳව වහාම සී.අයි.ඩී.යට පැමිණිලි කරන ලෙස තමාට දැනුම්දුන් බවය, ඒ අනුව පසුගිය සිකුරාදා එම ලියකියවිලි සී.අයි.ඩී.යට භාරදීමට කටයුතු කළ බවත්ය. සංචාරක ප්‍රවර්ධන ඇමැති ජෝන් අමරතුංග මහතාගෙන්  මේ ගැන විමසූ විට කීවේ තමා එවැනි ලිපියක් යවා හෝ එවැනි ලිපියකට අස්සන් තබා හෝ නැති බවයි.

මව්බිම


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka