gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සංචාරකයන් එවන්න ආරක්‍ෂාව සහතික විය යුතු බව නෙදර්ලන්ත තානාපති මහින්දගේ ගෙදරටම විත් කියයි

නෙදර්ලන්ත තානාපති Jonne Doornewaard මහත්මිය සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් අද (10) විජේරාම නිල නිවසේදී පැවැත්විණි.

පසුගිය පාස්කු ඉරුදින සිදු වූ මිලේච්ච ත්‍රස්ත ප්‍රහාරය ගැන තානාපතිතුමිය නෙදර්ලන්ත රජයේ හා එරට ජනතාවගේ කණගාටුව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා වෙත මෙහිදී ප්‍රකාශ කළාය.

එම ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් නෙදර්ලන්ත ජාතිකයෙකු ජීවිතක්‍ෂයට පත්වී ඇති අතර තමන් ඒ පිළිබඳව කණගාටු වන බව නෙදර්ලන්ත තානාපතිතුමිය වෙත විපක්‍ෂ නායකතුමා ප්‍රකාශ කළේය.

තවද, නෙදර්ලන්ත සංචාරකයින් ශ්‍රී ලංකාවට ඒම සඳහා මෙරට ආරක්‍ෂක තත්වය යළි යථා තත්වයට පත්විය යුතු බවද තානාපතිතුමිය සඳහන් කළාය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් යන මහත්වරුන්ද එක් වූහ.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka