gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තුවේදී ආරක්ෂාව ගැන ඒකාබද්ධයේ අවධානය බින්දුව බව හෙළිවෙයි

පාර්ලිමේන්තුවේ ආරක්ෂක විශය සම්බන්ධයෙන් මැතිඇමති හා මන්ත්‍රීවරුන්ගේ දායකත්වය ඉතා අල්ප බව හෙළිව තිබේ.

ඒ මන්ත්‍රී ඩොට් එල් කේ වෙබ් අඩවිය කළ හෙළිදරව්වකට අනුවය. වසර 2015 සැප්තැම්බර් සිට වසර 2019 පෙබරවාරි දක්වා 8 වැනි පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දත්ත මත මෙම හෙළිදරව්ව කර තිබේ.


එම වෙබ් අඩවියට අනුව පාර්ලිමේන්තුවේ සමස්ථ දායකත්වයෙන් ආරක්ෂක විශය සම්බන්ධයෙන් මැතිඇමති මන්ත්‍රීවරු දායකත්වය දී ඇත්තේ 1.2%ක ප්‍රමාණයකි.

එසේ ආරක්ෂක තත්ත්වය ගැන වැඩියෙන්ම පාර්ලිමේන්තුවේ හඬ නැගූ මුල් පස්දෙනා අතර ඒකාබද්ධ විපක්ෂයේ කිසිවකු නොවීම විශේෂ සිද්ධියකි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා එසේ ආරක්ෂක විශය ගැන වැඩිම අවධානය යොමු කළ අය වන අතර එම ලයිස්තුවේ දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාටය.

තෙවැනි ස්ථානයේ බුද්ධික පතිරණ මහතා සිටින අතර සිව්වැනි ස්ථානයේ සිටින්නේ නීතීඥ විජේදාස රාජපක්ෂ මහතාය.

විජේදාස රාජපක්ෂ මහතා ආණ්ඩුවට පක්ෂව කටයුතු කිරීමේ තත්ත්වයක් නොවුණද ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු ලෙසය.

එම ලයිස්තුවේ පස්වැනි ස්ථානය හිමිව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට ය.

පාර්ලිමේන්තුව තුළ අවුරුදු තුනහමාරකට ආසන්න කාලයකදී හැන්සාඩ් වාර්තා අනුව ආරක්ෂක විශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා කර ඇත්තේ වාර 341 කදී පමණි.

එහිදී ආරක්ෂක විශය සම්බන්ධයෙන් ලිඛිත ප්‍රශ්න 31ක්, පනත්-රෙගුලාසි-නියම 6ක්, කල්තැබීමේ යෝජනා 5ක්, පෞද්ගලික දැනුම්දීමෙන් ඇසූ ප්‍රශ්න 09ක් හා අගමැතිවරයාට යොමු කළ එක් ප්‍රශ්නයක් ඇතුළත්වේ.



gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka