gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තව්හිද් ජමාත් පුහුණු මධ්‍යස්ථානයක් හොරොව්පොතානෙන් හමුවෙයි - සැකකරුවන් හයදෙනක්,කඩු දෙකක් අත්අඩංගුවට

ව්හිද් ජමාත් අන්තවාදී සංවිධානය හෙරොව්පොතාන මුක්කර වැව කිවුලේකඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ප්‍රචාරක හා පුහුණු මධ්‍යස්ථානයක් වටලා සැකකරුවන් හයදෙනකු සමඟ පොත්පත් ප්‍රචාරක පත්‍රිකා, සංයුක්ත තැටි ඇතුළු භාණ්ඩ රැසක් සහ කඩු දෙකක් අත්අඩංගුවට ගැනීමට හොරොව්පොතාන පොලිසිය හා කැලෑ පුලියන්කුලම පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිදුකළ මෙහෙයුමකදී හැකි වී තිබේ.

සංයුක්ත තැටි තොගයක්, හාර්ඩ් ඩිස්ක් 6ක්, ලැප්ටොප් පරිගණකයක්, ප්‍රචාරක පොත්පත්, ප්‍රචාරක පත්‍රිකා තොගයක්, විවිධ ආයතනවලට අයත් රබර් මුද්‍රා 32ක් හා කඩු දෙකක් (2) සමඟ පාස්පෝට් රැසක් හා ජංගම දුරකථන කිහිපයක් මෙහිදී හමුවී ඇත.

මේ පිළිබඳව සැකපිට එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන් පස් දෙනකු සහකාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම මධ්‍යස්ථානය වටලා ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් හා භාණ්ඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇතැයි පොලිසිය පැවැසීය.

හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපති පො.ප. පී.ජී.එස්.ආර්. සංජීව මහතාගේ මෙහෙයවීම යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

මිහින්තලේ - ර.මු.සු. රත්නායක


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka