gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ඉරිදා ප්‍රහාරය : ත්‍රස්ත ප්‍රබලයින් දෙදෙනෙකු විදෙස්ගතවෙලා !

පාස්කු ඉරිදා (21) මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ මුස්ලිම් අන්තවාදී කල්ලියේ ප්‍රබලයින් දෙදෙනෙකු මේවනවිට විදේශගතව සිටින බව බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇති අතර ඔවුන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ගෙනඒමට රාජ්‍යතන්ත්‍රීක මට්ටමින් කටයුතු කරමින් සිටින බව ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

ආරක්ෂක අංශ විසින් මේවනවිට එම ප්‍රහාර එල්ල කල අන්තවාදී කල්ලියේ සමස්ත ජාලයම හඳුනාගෙන ඇති බවත්, ඒ අනුව මේවනවිට එහි ප්‍රබලයින් සියලු දෙනාම පාහේ අත්අඩංගුවට ගෙන ඇති බවත් එම නිළධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 73 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 09 දෙනෙක් කාන්තාවන් බව වාර්තාවේ.

එලෙස අත්අඩංගුවේ පසුවන පිරිසෙන් 54 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද තවත් 19 දෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාෂය මගින් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කර සිටියි.

බිලියන 07ක වත්කම් සොයා ගනියි:

ඒ අතර මෙම අන්තවාදී කණ්ඩායම සතුව තිබු රුපියල් මිලියන 140කට අධික මුදලක් සොයා ගැනීමට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට හැකිවී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

එම ත්‍රස්ත සංවිධානය සතුව තිබු මුදලින් කොටසක් මේ වන විට සොයා ගෙන ඇති අතර තවත් මුදල් ප්‍රමාණයක් බැංකු ගිණුම් වල ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

එමෙන්ම මෙම කණ්ඩායම සතුව තිබු රුපියල් බිලියන 07ක් වටිනා වත්කම් පිලිබදව ද කරුණු අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී ඇත.

මෙම වත්කම් සහ බැංකු ගිණුම් තහනම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියේය.

-srilankamirror


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka