gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ඉරිදා ප්‍රහාරය : විමර්ශනවලට බාධා කළ බුද්ධි අංශ හිටපු ලොක්කෙක් ගැන සැකයක් !

පාස්කු ඉරිදා (21) ප්‍රහාරය සම්බන්ධව සිදු කෙරෙන විමර්ශනවලටත් අනවශ්‍ය අන්දමින් මැදිහත් වී ඇතැයි කියන පොලිස් බුද්ධි සේවයේ හිටපු නිලධාරියකු සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ආරක්ෂක අමාත්‍යංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇතැයි එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

පසුගියදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාට අයත් තඹ කම්හලක් වැටළීමට වැල්ලම්පිටිය පොලිසිය ක්‍රියා කල අවස්ථාවේදී, වැල්ලම්පිටිය පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමක් ගෙන ඇති සැකකාර විශ්‍රාමික පොලිස් නිලධාරියා, "මොකටද ඒක රේඩ් කරන්න ගියේ ? දැන් මොකුත් හම්බුණාද ඒකෙ තිබිලා ? නෑ නේ ?" යනාදී වශයෙන් අනවශ්‍ය මැදිහත්වීමක් සිදු කරමින් ප්‍රශ්න කර ඇතැයි පැවසේ.

මෙය කිසිසේත්ම අනුමත කළ නොහැකි හැසිරීමක් බැවින් වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයට පැමිණිලි කර තිබේ.

එසේ චෝදනාවට ලක්ව සිටින විශ්‍රාමික පොලිස් නිලධාරියා අත්අඩංගුවේ පසුවන ඉම්රාන් හාජි සමග සමීප සම්බන්ධතා පැවැත්වූ අයකු බව මේවනවිට අනාවරණය වී ඇත.

එසේම, සැකකාර විශ්‍රාමික පොලිස් නිලධාරියා, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ ප්‍රධානියා ලෙස සැක කෙරෙන සහාරන්ගේ ඥාතියකු වන කතන්කුඩියේ හාෂිම් නමැත්තා සමග ද සම්බන්ධතා පවත්වා ඇතැයි මේවනවිට අනාවරණය කරගෙන ඇතැයි අප වෙත තොරතුරු ලබාදුන් ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙන් ප්‍රශ්න කරයි

මේ අතර මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වූ මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ්ට අයත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් නව දෙනාට අධිකරණයේ ඇප නියම කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ වලට අදාලව කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ පොලිස් අධිකාරී උදය හේමන්ත මහතා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුගෙන් පැය අටකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ඇතැයි පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය කියයි.

වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශය භාර පොලිස් අධිකාරී විදුර ජයසිංහ සහ වැල්ලම්පිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පියල් ගුණතිලක යන මහත්වරු අනෙක් නිලධාරීන් දෙදෙනා බව පොලිසිය පවසයි.

පාස්කු ඉරිදා කොළඹ සිනමන් ග්‍රැන්ඩ් හෝටලයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු එම තඹ කම්හලේ සේවය කළ පුද්ගලයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ වැල්ලම්පිටිය පොලිසියේ හා කොළඹ අපරාධ කොට්ඨාසය සමඟ සිදුකළ මෙහෙයුමකදීය.

එයින් සැකකරුවන් නව දෙනෙකුට එරෙහිව ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු පොලිසියේ වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති වීම හේතුවෙන් ඇප ලබා දීම සිදුවී තිබූ බව විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka