gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මුලතිව් ගුරුකන්ද විහාරයේ විෂ්ණු කතරගම දේවාලය ‘‘නීරාවි පුල්ලයාර් කෝවිල‘‘ ලෙස නම් කරන්නැයි අධිකරණ නියෝගයක් - කෝවිලක් නැති බවට පුරා විද්‍යා කොමසාරිගේ ප්‍රකාශයත් බැහැර කරලා

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරය සමබන්ධයෙන් මුලතිව් අධිකරණයේ ගොනුකොට ඇති නඩු දෙකකින් එක් නඩුවක තින්දුව අද (06) දින මුලතිව් මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින් කුමාර්  විසින් ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව ‘ ඝනපති විෂ්ණු කතරගම දේවාලය‘ ලෙස මෙතෙක් කල් හැඳන්වූ මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ දේවාලය ‘‘නීරාවි පුල්ලයාර් කෝවිල‘‘ ලෙස නම සඳහන් කළ යුතු බවටත් දෙපාර්ශවය අතර සාමය කඩවීමේ සිදුවීමක් නොවන බවට වූ පොරොන්දුව සමගින් බැඳුම්කරයකට අත්සන් කළ යුතු බවටත් අධිකරණය නියෝගයක් නිකුත් කළේය.

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රෝහන තල්පාවිල මහතා තීන්දුවෙන් පසුව අදහස් පළ කිරමින් සඳහන් කළේ ගුරුකන්ද රජමහා විහාරයේ දේවාලය මෙතෙක් නම් කොට තිබූ ඝනපති විෂ්ණු කතරගම දේවාලයට නීරාවි පුල්ලයාර් කෝවිල වශයෙන් නම් කිරීම සාධාරණ නොවන බවය.

මුලතිව් අධිකරණයේ පැවති නඩු විභාගයට පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් වරයාම පැමිණ අදාල ස්ථානයේ කෝවිලක් නොමැති බවටත් එය බෞද්ධ සිද්ධස්ථානයක් වන බවත් එවැනි පසුබිමක පන්සලක් තුල කෝවිලක නමක් තැබීම යුක්ති සහගත නොවන බව දැනුම් දුන් බවත් සඳහන් කළේය

එමෙන්ම ගූගල් සිතියම් මාර්ගයෙන්ද අවුරුදු කිහිපයක් පසුපසට ගෙන නිරීක්ෂණය කිරීමේදීද එවැනි කෝවිලක නමක් නොමැති බවත් බෞද්ධ සිද්ධස්ථානයක් පමණක් සඳහන්ව ඇති අවස්ථාවක මුලතිව් මහෙස්ත්‍රාත් වරයා විසින් ගුරුකන්ද රජමහා විහාරය තුල කෝවිලක් ඇති බවටත් එය නීරාවි පුල්ලයාර් කෝවිල වශයෙන් නම් කරන ලෙසට නියෝගයක් ලබා දීම සාධාරණ නොවන බවටද ඔහු සඳහන් කළේය

පාර්ශව දෙක අතර සාමය ආරක්ෂා වීම සඳහා වූ බැඳුම්කරයට අත්සන් කළද සෑම පන්සලකම දේවාලයක විෂ්ණු කතරගම දෙවියන්ගේ පිළිම ඇතුලත් දේවාලයක් තිබුනද කිසිදු පන්සලක කෝවිලක් නොතිබීමත් මෙසේ පන්සල තුල කෝවිලක නමක් යෙදීමට නියෝගය ලබා දීම පිළිනොගන්නා හෙයින් වව්නියාවේ මහාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට පියවර ගන්නා බවට මුලතිව් මහේස්ත්‍රාත් වරයාට දැනුම් දුන් බවටද නීතිඥ රෝහණ තල්පාවිල මහතා වැඩි දුරටත් පැවසීය.



gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka