gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වියට්නාමයේ ලයිට් බලන්න යන්න හදන මහ ඇමති !

ව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා ඇතුළු ඌව පළාත් සභාවේ මැති ඇමැතිවරුන් කිහිප දෙනෙක්, පළාත් පාලන ආයතන සභාපතිවරුන්, නගරාධිපතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනකු ඇතුළු 40 දෙනෙකුගේ කණ්ඩායමක් වියට්නාමයේ විදුලි පහන් ව්‍යාපෘතියක් අධීක්ෂණය කිරීමට යැයි පවසමින් විදෙස් සංචාරයකට යාමේ සූදානමක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

මේ පිරිස ලබන මැයි 13 වැනිදා සිට දින 5ක කාලයක් මෙසේ වියට්නාමයේ සංචාරය කිරීමට සැරසෙන බව පැවසේ.

AAI නැමැති පෞද්ගලික සමාගමක් විසින් පළාත් පාලන ආයතන සඳහා විදුලි පහන් ව්‍යාපෘතියක් සැලසුම් කර ඇති බවත්, එවැනි විදුලි පහන් අධ්‍යයනය සඳහා මේ සංචාරය සැලසුම් කර ඇති බව වාර්තා වේ.

සංචාරය සඳහා වැයවන මුදල අදාල සමාගම විසින් දරන බව පැවසෙන අතර එසේ තිබියදී මහ ඇමතිවරයා ඒ සඳහා පළාත් සභාවෙන් මුදල් ලබා ගැනීමට උත්සාහ ගෙන ඇති බවද මේ අතර වාර්තා වේ.

ඔහු ජනාධිපතිවරයාට පවසා ඇත්තේ මේ සඳහා වැය වන සියළු බරපැන අදාල සමාගම විසින් දරන බවයි. සම්පත් මහතා සිය නිවාඩු අනුමත කරගෙන ඇත්තේද එලෙස පවසමින් බව වාර්තා වේ.

ඒ සඳහා සහභාගි වන සෙසු අයගේ නිවාඩු අනුමත කර ඇත්තේ මහ ඇමතිවරයා විසින් බවද පැවසේ.

විදෙස් ගත වීමේදී ලබාදෙන දිනක අමතර දීමනා වන ඩොලර් 40ක්ද, සංග්‍රහ දීමනාව සඳහා දිනකට ලබා දෙන ඩොලර් 380 ක්ද, පළාත් සභාවෙන් ඉල්ලුම් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව එක් අයෙකු වෙනුවෙන් දිනකට ඩොලර් 420ක් බැගින් දින පහකට ඩොලර් 2100 ඉල්ලුම් කර ඇතැයි ද වාර්තා වේ.

කෙසේවුවද අදාල සංචාරයට සහභාගිවන හතලිස් දෙනා මේ ආකාරයට ඉල්ලුම් කර ඇති මුදල රුපියල් කෝටි එකහමාරකට වැඩි වන බවද පැවසේ.

මේ මුදල් පළාත් සභාව විසින් අනුමත කර නොමැති බව වාර්තා වන අතර එසේ තිබියදී සෙසු 39 දෙනා මඟහැර මහ ඇමතිවරයා පමණක් අදාළ දීමනාව ලබා ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් අනුමැතියක් ලබාගෙන ඇති බව වාර්තා වේ. එම අනුමැතිය නීති විරෝධී ලෙස ලබාගත් එකක් බවද පැවසේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka