gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිත් සිටි උත්සව සභා වේදිකාවට බලෙන් ගොඩවූ ප‍්‍රසිද්ධ හිමිනම ‘ලංකාව බෞද්ධ රටක්ද නැද්ද’ කියා අසයි..

ජනාධිපතිවරයාගේ ප‍්‍රධාවත්වයෙන් ගාල්ල, හික්කඩුව තොටගමුව පුරාණ රත්පත් රාජ මහා විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් උත්සව වේදිකාවට අනාරාධිතව ගොඩ වූ භික්‍ෂුන්ෂු වහන්සේ නමක් ඉල්ලීම් දෙකක් සිදු කලේය.
ජනාධිපතිවරයාද සභාවේ සිටියදී එසේ වේදිකාවට ගොඩවී මයික‍්‍රෆෝනය ගෙන කෙටි දේශනාවක් පැවැත්වූයේ බලපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති බලපිටියේ ධම්මික හිමියන් විසිනි.

උන් වහන්සේ විසින් කරන ලද මුල් ඉල්ලීම වූයේ සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමි හා බුද්ධි අංශ නිලධාරීන් 45 දෙනකු නිදහස් කරන ලෙසයි. ඥාණසාර හිමියන් විසින් 2010දී කරන ලද ප‍්‍රකාශ නිවැරදී බවද උන් වහන්සේ කීහ.

හිමියන්ගේ දෙවැනි ඉල්ලීම වූයේ ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්ද නැද්ද යන්න පැහැදිලි කරන ලෙසයි.

එම උත්සවයට මංගල සමරවීර ඇමතිවරයා පැමිණියේ නම් සියළු භික්‍ෂූන් වහන්සේලා ඉවත්ව යාමට සූදානමින් සිටි බවද උන් වහන්සේ පැවසූහ.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka