gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බුර්කාව හා නිකාබය පැලදීම තහනම් කිරීමේ යෝජනාව ඒකමතිකව සම්මතයි !

ජාතික තවුහීද් ජමාන් අන්තවාදී ත්‍රස්ත සංවිධානයේ බෝම්බ ප්‍රහාරයත් සමග රටපුරා නැගී එන බුර්කා හා නිකාබය පැලදීමේ විරෝධයට අනුව අනුරාධපුර මහ නගර සභාව පාලනය යටතේ පවතින රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන හා පොදු ස්ථානවලට ඇතුළුවීමේදී සහ ඒ ආසන්නයේ ගැවසීමේදී මුස්ලිම් කතුන්ට මුහුණු ආවරණය වනසේ බුර්කාව හා නිකාබය පැලදීම තහනම් කිරීමට මහ නගර සභාව ගෙනා යෝජනාවක්  මාසික මහ සභාවේදි ඒකමතිකව සම්මතවිය.

පසුගිය (21දා) සිටි රටේ පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් ආරක්ෂක අංශවලට හා පොලිසියට සහායදීම සදහා මෙම යෝජනාව ඉදිරිපත් කළ බව සභාව ආරම්භ කිරිමේ අවස්ථාවට එක්වෙමින් අනුරාධපුර මහ නගර සභාවේ පුරපති එච්.පී.සෝමදාස මහතා සදහන් කලේය.

අනුරාධපුර මහ නගර සභාවේ පුරපතිවරයා ඉදිරිපත්කල යෝජනාව සම්බන්ධයෙන් පාලක පොදුජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ හා මුස්ලිම් කොංග්‍රසයේ සියලු නාගරික මන්ත්‍රීන්ගේ හා මන්ත්‍රීවරියන්ගේ එකගතාව පළවිය.ඒකමතිකව සම්මතවූ යෝජනාවේ පුරපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් සහතික කළ පිටපතක් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති වරයා යොමුකිරීම

අවැසි පියවර ගන්නා ලෙස අනුරාධපුර මහ නගර සභාවේ පුරපතිවරයා නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතාට නියම කළේය.

රටේ පවතින අයහපත් ආරක්ෂක තත්වය හේතුවට ගනිමින් මුස්ලිම් කාන්තාවන් නිකාබය හා බුර්කාව පැලද ගමන් බිමන් යෑම නිසා ආරක්ෂක අංශයන්ට විවිධ අපහසුතාවන්ට මෙන්ම අවට සිටින සෙසු පිරිස් අපහසුතාවයට පත්වීම වැලක්වීම සදහා මෙම පියවර ගෙන තිබෙන බව අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන

මහතාගෙන් දුරකථනයෙන් කල විමසීමකදී පැවසුවේය.

මහේෂ් විජේසූරිය


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka