gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ඉරිදා ප්‍රහාරයට සූදානම් වී සිටි 10වැනි බෝම්බකරු මක්කම ගිහින් !

පාස්කු ඉරිදා ප්‍රහාරයට සූදානම් වී සිටි දසවැනි බෝම්බකරු මක්කම වන්දනාවේගොස් ඇති බවට ලද තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගැනීම සඳහාඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ. මෙම බෝම්බකරු පාස්කු ඉරිදා දින ඉලක්කයක් නොලැබීම හේතුවෙන් ඉදිරි ප්‍රහාරයකට සැරසීමට පෙර ඔහු මක්කම වන්දනාවේ ගොස් ඇති බවටද බුද්ධි තොරතුරු ලැබී ඇති බව ආරක්ෂක අංශ ආරංචි මාර්ගයන් සඳහන් කරයි.

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ අන්තවාදියකු වන මොහුගේ සියලු තොරතුරු හෙළිදරව් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට සමත් වී ඇති බවද එම ආරංචි මාර්ගයන් පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව ප්‍රධාන පෙළේ ත්‍රස්තවාදීන් අට දෙනකු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසු වන බවත් දීර්ඝ ලෙස ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම සිදු කරන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

චාමර අමරසූරිය


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka