gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලෝක කුසලානය ශ්‍රී ලංකාව කණ්ඩායම දින්නොත් කෝටි 35ක තෑග්ගක් !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේන් ලැබුණු නිල නොවන ආරංචියක් ගැන තමා මේ කියන්න යන්නේ. හැබැයි මේක බොරුවක් වෙන්න බෑ.

මැයි මස 30 වැනිදා එංගලන්තයේදී ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ශූරයන් බවට පත්වුහොත් එම කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 35 කට (ලක්‍ෂ 3500) අධික මුදලක් ප්‍රදානය කිරීමට නියමිතලු.
ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් 15 දෙනකු ඇතුළත් වන අතර මෙම මුදල බෙදීමේදී නිලධාරීන්ට ද යම් ප්‍රතිශතයක් හිමිවේ. ලෝක කුසලාන තරගාවලියට නිලධාරීන් 10 ක් පමණ එකතු වීමට නියමිතය.

මේ අනුව ශ්‍රී ලංකාව ලෝක ශූරයන් වුවහොත් ක්‍රීඩකයකුට ලක්‍ෂ 200 කට අධික මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් හිමිවේ. ඊට අමතරව ලෝක කුසලාන තරගාවලියට සභාගිවීම වෙනුවෙන් ද අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විශාල මුදලක් හිමිවේ.

ලෝක කුසලාන ශූරයන් වුවහොත් රුපියල් කෝටි 50 කට අධික ත්‍යාග මුදලක් ද හිමිවේ.

මව්බිම


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka