gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

"මද්‍රසා පාසල් තහනම් කරනු, පරීක්ෂණ වලට බාධා කරේ බදියුදීන්, මුජිබර් රහුමාන්, අසාද් සාලි" - විමල් පාර්ලිමේන්තුව හොල්ලයි !

මේ වන විට පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයේදි විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයක් දැඩි ලෙස කතාබහට ලක්වුනා.

එහිදී ඉස්ලාම් අන්තවාදය දැඩි ලෙස විවේචනය කරමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිදු කළ කතාවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මුජිබර් රහුමාන්ගෙන්ද දැඩි විරෝධයක් එල්ල වුනි.

මෙහිදි පාර්ලිමේන්තුව ඇමතූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මෙරට ඉතා භයානක ඉස්ලාම් අන්තවාදයක් ක්‍රියාත්මක වන බවයි. මෙරට ක්‍රියාත්මක "මද්‍රසා" නම් ඉස්ලාම් පාසල් පිළිබඳව පැවසූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා එම පාසල් තුල කුඩා දරුවන් පවා අන්තවාදයට යොමු කරන පුහුණුවිම් සහ ඉගැන්වීම් සිදුවන බව පැවසූවා.

මෙම ව්‍යාපෘති සදහා අරාබි රටවල් වලින් මුදල් පොම්ප කෙරෙන බවත්, මෙරට දේශපාලඥයන් පිරිසක් එම ව්‍යාපෘති මෙහෙයවන බවටත් විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදි චෝදනා කර සිටියා. එහිදි රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දෙමටගොඩදි අත්අඩංගුවට ගත් මොහොමඩ් ඉබ්‍රහීම්, රිෂාඩ් බදියුදීන්ට ඇති ඥාතීත්වයද ප්‍රශ්න කර සිටියා.

විවිධ ජාතීන්ට වෙනස් නීති ක්‍රියාත්මක වීමද වහා නවතා දැමිය යුතු බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදි පෙන්වා දුන්නා. රටේ සියලූම ජන කොටස්වලට එක් නීතියක් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවයද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

තවද මෙම ඉස්ලාම් ත්‍රස්තයන්ට එරෙහිව සිදු කළ පරීක්ෂණ වලට බාධා කළේ රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි, බුජිබර් රහුමාන් ආදි මුස්ලිම් දේශපාලකයන් වන බවටත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදි චෝදනා කර සිටියා. එම දේශපාලකයන්ගෙන් තවමත් ප්‍රශ්න කිරීමට රජය කටයුතු කර නොමැති බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැවසූවා.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මුස්ලිම් ජනතාවට මෙම අන්තවාදය අවශ්‍ය නොවන බව කී විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙම අන්තවාදය මුස්ලිම් දේශපාලකයන් විසින් ඔවුන් පිට බලෙන් පැටවූ එකක් බවත් කියා සිටියා.

මෙම අන්තවාදය පරාජය කිරීමට සියලුම ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඒ සදහා සිය දේශපාලන කඳවුරේ පූර්ණ සහය ලබා දෙන බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා අවසානයේ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඉන්පසුව නැගීසිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කර සිටියේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් ජාතිවාදය ඇති කිරීමට උත්සාහ කරන බවයි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka