gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

“අප්පච්චි මළා" කියා ඡන්ද ගත් හැටි විජයමුණි කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් තමන් සමඟ ඕනෑම පක්ෂයකට එක්වීමට සූදානමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

මොණරාගල පැවති ජනහමුවකින් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

වෙල්ලස්සට වැඩ කරන පෙරමුණකට තමා එක් වන බවත්, එය තවමත් තීරණය කර නොමැති බවත් විජයමුණි සොයිසා මහතා මෙහිදී තවදුරටත් පැවසීය.

“අප්පච්චි මළා කියලා“ තමන් ඡන්ද 38000 ක් ලබා ගත් බවත්, එයින් 15,000 ක් පමණ තනි මනාප වන බවත් පැවසු මන්ත්‍රීවරයා, තමා සමඟ සියයට 80-90 ක ප්‍රමාණයක් එක්ව සිටින බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමා යන තැනකට යෑමට සුදානමින් සිටින බවත්, පොහොට්ටුවේ අයත් දැන් දැන් එකතු වෙමින් පවතින බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

තමාගේ දේශපාලන ඉතිහාසයේ ස්වර්ණමය අවධිය මෙය බවත්, තමා ගත් තීරණවල නිවැරදි භාවය අද වන විට ජනතාව විසින් තහවුරු කරමින් පවතින බවත් මන්ත්‍රීවරයා මෙහිදී තවදුරටත් සඳහන් කළේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka