gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨාට ඇමරිකානු අධිකරණයකින් සිතාසි බාරදේ !

රක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකානු අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා එරට බලධාරීන් විසින් ඉරිදා (07) රාත්‍රී සිතාසියක් බාරදී ඇතැයි වාර්තාවේ.

එරටින් ලැබෙන වාර්තාවල සඳහන් වන්නේ ඝාතනයට ලක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණියක වන අහිංසා වික්‍රමතුංග මෙනවිය විසින් ගොනුකර තිබු පෙත්සමක් අනුව එම සිතාසිය නිකුත්කර ඇති බවයි.

සිය පියා ඝාතනයට ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු බව එම පෙත්සමින් අවධාරණය කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙම සිතාසිය බාරදී ඇත්තේ ඔහු කැලිෆෝනියාවේ පිහිටි Traders Joe’s American Grocery Store සුපිරි වෙළඳ සංකීර්ණයක් තුල සිටියදීය.

සිය සමීප මිතුරකු වන සංජිව ගුණසේකර මහතාගේ දියණියකගේ විවාහ මංගල්‍යට සහභාගිවීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දිනවල ඇමරිකාවට ගොස් සිටියි.

වැඩිදුරටත් තොරතුරු බලාපොරොත්තුවන්න ...









-srilankamirror


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka