gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අයවැය පරදවන්න බැරිවුනේ අපට 113 නැති නිසා - ගම්මන්පිල

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.

සමහරු අපෙන් අහනවා ඇයි අයවැය පරාජය කළේ නැත්තේ කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙදර යවන්න මේ අය වැය පාවිච්චි කරයි කියලා ඇතැමුන් හිතුවා. අයවැය පරාජය කරන්නට අවශ්‍ය බහුතරය අප සතුව තිබෙනවා නම් අප විපක්ෂයේ වාඩි වෙලා ඉන්නේ නැහැ.
අපි එහෙම නම් ආණ්ඩු පක්ෂයේ ඉන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති වෙලා දින 51 කින් නැවතත් අපට විපක්ෂයට යන්නට සිදුවුණේ අවශ්‍ය කරන බහුතරය අප සතුව නොතිබුණු නිසා. බහුතරය තිබෙනවා නම් අපි අයවැය පරාජය කර නිකන් ඉන්නේ නැහැ. අපි ආණ්ඩුවක් හදනවා. රට ජාතිය ගැන හිතලා අනාගත පරම්පරාව ගැන හිතලා ඡන්දය දෙන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් නැහැයි කියන එක මන්ත්‍රිවරුන් අයවැයේ දී තමන්ගේ ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්නුවා. මැතිවරණ ජයග්‍රහණයක් හරහා ආණ්ඩු බලය ලබා ගැනීමයි අපේ ඉලක්කය වෙන්නේ. ඒ සඳහා ලැබෙන පළමුවෙනි අවස්ථාවම අපි පාවිච්චි කරනවා. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට අද සිට තවත් මාස හයක් වත් නැහැ. ඇමරිකාව මොනවා කිව්වත් රටේ ජනතාවගේ කැමැත්තෙන් තෝරන ජනාධිපතිවරයාට රට භාරදීමට අවශ්‍ය වටපිටාව අපි සකස් කරනවා කියන ප්‍රතිඥාව අප ජනතාවට ලබා දෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂයට 113 නැති හැම අවස්ථාවකම එක්කෝ 113 හදා දෙන්න ඉදිරිපත් වෙනවා. නැතිනම් ඡන්දය දීමෙන් වැළකී සිටිනවා. එක්සත් ජාතික පක්ෂයට 113 ඇති බව පෙණුනට පස්සෙ වීරයෝ වගේ එක්සත් ජාතික පක්ෂයට බැණ අඬ ගහමින් එයට විරුද්ධව ඡන්දය දෙනවා. පහුගිය වසර හතර පුරාවටම මේ උපාය දැකලා මේ රටේ ජනතාවට ජවිපෙ කරන රඟපෑම ගැන දැන් හොඳ අවබෝධයක් තිබෙනවා.

අයවැය පරාජය කරන්න තිබුණු හොඳම අවස්ථාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් ඡන්දය දීමට නොපැමිණීම නිසා වැළකී ගිය බව කියනව නම් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු දෙකේ පන්තියේ වත් සමත් නැති බව තමයි පෙන්නලා තියෙන්නේ. මොකද දෙකේ පන්තියේදී තමයි එකතු කිරිම අඩු කිරිම සහ සාමාන්‍ය බහුතරය අපි ඉගෙන ගත්තේ. මෙවර අයවැය දෙවැනි වර කියවීමේ අවස්ථාවේදී හා තුන්වැනි වර කියවීමේ අවස්ථාවේදී ආණ්ඩුවට ඡන්ද 119 ක් තිබුණා. 113 කට වඩා වැඩි ප්‍රමාණයක් ආණ්ඩුවට ලැබෙනවා නම් විපක්ෂයේ සිටින සියලුම දෙනා ඡන්දය දුන්නත් අයවැය පරාජය කරන්නට බැහැ . ඒ නිසා මේය තමන්ගේ ගණිත දැනුමේ දුර්වලතාවයන් ප්‍රදර්ශනය කිරීමේ ප්‍රකාශයක් පමනයි කියන එක තමයි කියන්නට වෙන්නේ.

– අරවින්ද අතුකෝරල


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka