gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගුරුවරිය දණ ගැස්වූ ඌවේ මහ ඇමති වෛද්‍යවරුන්ට මඩ ගසයි

ව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියට අපහාසාත්මක ලෙස බැණ වැදුණේ යැයි පවසමින් අද(03) දින ඌව පළාතේ සියලුම රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමර්ගය තවදුරටත් ක්‍රියාත්මක වේ.
ඌව පළාතේ සියලු පළාත් රෝහල්වල වෛද්‍යවරුන් වැඩ වර්ජනයේ නියැලෙන අතර ඔවුන් පවසන්නේ ප්‍රධාන අමාත්‍යවරයා සමාව නොගතහොත් අඛණ්ඩව වෘත්තීය ක්‍රියාමර්ගයේ නිරත වන බවයි.

මේ හේතුවෙන් හේතුවෙන් ඌව පළාත් රෝහලේ වැඩකටයුතු අද සම්පූර්ණයෙන්ම ඇණහිට තිබුණි.

ඒ අනුව ඊයේ දිනයේදී ඊට සහය දක්වමින් දෙමෝදර රෝහලේ කාර්ය මණ්ඩලය, රියදුරන් සහ හෙද නිලධාරින් ද සේවයෙන් ඉවත් වුණි.

මෙම වර්ජනයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ඌව පළාත් වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති 21 ක් පමණ සහභාගි වේ.

මීට ඉහතදී අමාත්‍යවරයා පාසල් විදුහල්පතිනියක දණගැස්වීම සම්බන්ධයෙන් රට තුළ මහත් ආලෝන්දනයක් ඇතිවී චෝදනා ලැබීය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka