gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

''මට මඩ ගසා ගෙන්න යන විකල්පය අතිශයින් බියකරුයි'' - ජනාධිපති කියයි

මන්ට නොයෙකුත් අවලාද නගමින් ඇතැමුන් ජනාධිපති ධුරයට පත් කිරීමට උත්සහකරන විකල්පයෙන් මාධ්‍යය නිදහසක් බලාපොරොත්තු නොවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි. මෙය ජනාධිපතිවරණ වසරක් බව සිහිපත් කරමින් තම ප්‍රතිවාදීන් සම්බන්ධයෙන් ඔහු එම අනතුරු හැඟවීම සිදුකලේ ඊයේ (10) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ අමතමිනි.

මෑතක සිට අලුතින්ම පුවත්පත් සහ වෙබ් අඩවි ද නිර්මාණය කර ගනිමින් ඇතැම් පිරිසක් තමාට පහරදෙමින් සිටින බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, එම පහරදීමෙන් ජනාධිපතිවරණ අපේක්ෂක ලැයිස්තු කතාබහක් තුළ ඔවුන් අපේක්ෂා කරන විකල්පය ඊට වඩා විකල්ප චරිතයක් හා දර්ශනයක් විය හැකි බව අමතක නොකළ යුතු බව ද කියා සිටියේය.

මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ විවේචනය සේම යහපත් සමාජයක් වෙනුවෙන් සාකච්ඡාව සහ සංවාදය ද එක සේ වැදගත් බවයි.

දශක කිහිපයක අමිහිරි අද්දැකීම් :

විවිධ නින්දා අපහාස එල්ලකරමින් තමාට සිදුකරන පහරදීම් හමුවේ මාධ්‍ය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය මැනවින් අගය කරන සහ එය රටට උදාකරදීමට කැපවූ නායකයෙකු ලෙස තමා නිහඩව සිටියද විකල්පයක් තුළින් අපේක්ෂා කරන චරිත එසේ නිහඬව නොසිටන බව ඉකුත් දශක කිහිපය පුරා මේ රට පාලනය කළ පාලකයන්ගේ අත්දැකීම් අසුරෙන් අවබෝධකර ගැනීමට කිසිවෙකුට අපහසු නොවන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

පසුගිය දශක කිහිපයෙහි මාධ්‍යවේදීන්ට අත්වූ කුරිරු ඉරණම පැහැදිලි කරමින් එසේ පැවසු ජනාධිපතිවරයා, සාමාන්‍යයෙන් තමා වැනි කෙනකුට ඇද ඇද මඩ ගහන්නට හැකි බවත් තමාට බොහෝම ලෙහෙසියෙන් පහර දියහැකි වන අතර තමා පාතාලය සමඟ අපරාධ සමඟ සම්බන්ධ නොමැති බව ද ත්‍රිවිධ හමුදාව, පොලිසිය වැරැදි ලෙස යොදා නොගන්නා බව ද සඳහන් කළේය.

එබැවින් මාධ්‍යයේ වගකීම විය යුත්තේ විවේචනය, විචාරය සහ සංවාදය සේම යහපත් සහ හරවත් සමාජයක් කරා යන ගමනට ශක්තියක් වීම බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන්  කළේය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා පුවත්පත් ක්ෂේත්‍රය වෙනුවෙන් ද, ප්‍රවීන මාධ්‍යවේදී කරුණාරත්න අමරසිංහ මහතා ගුවන්විදුලි ක්ෂේත්‍රය වෙනුවෙන් ද, ලුෂන් බුලත්සිංහල මහතා රූපවාහිනි ක්ෂේත්‍රය වෙනුවෙන් ද, ලක්ෂ්මන් ජයවර්ධන මහතා වෙඩ් මාධ්‍ය වෙනුවෙන් ද මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් 'මාධ්‍යාභිමානි' සම්මානයෙන් පිදුම් ලැබූහ.

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක, ජනමාධ්‍ය ඇමැති සහ ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන්, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රමණී ගුණවර්ධන, අධ්‍යක්ෂ කේ.පී ජයන්ත මහත්ම මහත්මීන් සහ ජනමාධ්‍යවේදින්, කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka