gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවෙයි..! ඔබ සැමට සුබ නව වසරක් වේවා..!

මෙරට සංස්කෘතියේ මහා මංගල්‍යය සිංහල දෙමළ අලුත් අවුරුද්ද අද (14) අපර භාග 02.09ට උදාවනා. ලක්වාසී සිංහල දෙමළ ජනතාව ඉමහත් උනන්දුවෙන් යුතුව  සිංහල දෙමළ අලුත් අවුරුද්ද පිළිගත් අතර  අද පෙරවරු 7.45 ට ආරම්භ වූ පුණ්‍ය කාලයේදී බොහෝ පිරිසක් වෙහෙර විහාරස්ථාන වෙත ගොස් නව වසර සඳහා ආගමික ආශීර්වාදය ලබා ගත්තා.
මින් අනතුරු ආහාර පිසීමේ නැකත අද අපර භාග  02.42ට යෙදී තිබෙනවා. රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැද, ගිනි මොලවා, හකුරු මිශ්‍ර කිරිබතක් සමග අග්ගලා සහ කැවුම් පිලියල කර ගැනීම සුදුසු බවයි නැකත් සීට්ටුවේ සදහන් වන්නේ. වැඩ ඇල්ලිම, ගනු දෙනු කිරීම සහ ආහාර අනුභවය ආදී නැකත් යෙදී ඇත්තේ අද අපර භාග 03.54ටයි. රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියළු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය සිදු කළ යුතු බව නැකත් සීට්ටුවේ සදහන් වනවා.

උදා වුණු සිංහල හින්දු අලුත් අවුරුද්ද සියළු ශ්‍රී ලාංකික ජනතාවට සාමය සතුට සපිරි සුබ නව වසරක් වේවායි Lanka Hot News අප ප්‍රාර්ථනා කරනවා...!
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka