gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අයවැය ඡන්දයට පෙර මහින්දගෙන් සහතිකයක් ඉල්ලයි : ශ්‍රීලනිප අවසන් තීන්දුව 04 දා

දිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කරන බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහතික නොවන්නේ නම් ලබන සිකුරාදා (05) පැවැත්වෙන අයවැය අවසන් ඡන්ද විමසීමේදී ද ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටීමට තම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට සිදුවනු ඇතැයි ශ්‍රීලනිප ප්‍රබලයකු පැවසිය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසුයේ, අයවැය අවසන්වර කියවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය භාවිතා කිරීම සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඊයේ (02) පැවති සාකච්ඡාවේදීත් අවසන් තීන්දුවක් නොගත් බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අයවැය ඡන්ද විමසීම පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීමට එළඹෙන 4 වනදා නැවත රැස්වෙන බවයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ එම පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ ජනාධිපතිවරයා අතර ඊයේ (02) ජනාධිපති මන්දිරයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

පොහොට්ටුවෙන් අවසන් දැනුම් දීමක් !

මේ අතර පොදු ජන පෙරමුණේ (පොහොට්ටුව) සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා 'රාවය'ට පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ, අය -වැය අවසන් ඡන්ද විමසීම පැවැත්වෙන අප්‍රේල් 05 වනදා එය පරාජය කිරීම සඳහා ශ්‍රීලනිපය මෙවර ඡන්දය භාවිත කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් එසේ නොවුනහොත් සන්ධානයක් ගොඩ නැගීමට දේපාර්ශ්වය අරඹා ඇති සාකච්ඡා සඳහාද එය අහිතකර ලෙස බලපානු ඇති බවත්ය.

අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම ලබන සිකුරාදා (05) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අතර ඉකුත්දා අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ජනපතිගේ උපදෙස් මත ඡන්දය දීමෙන් වැළැකී සිටියේය. එය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ද බරපතල විවේචනයට ලක්විය.

මේ සම්බන්ධයෙන් පසුගියදා ප්‍රකාශයක් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසුයේ, අයවැය පරාජය කිරීමට හැකියාවක් තිබුනද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඡන්ද විමසීම අවස්ථාවේ පැනලා ගිය හෙයින් ඒ අවස්ථාවට අහිමි වු බවයි.

''අයවැය පරද්දන්න අපට පුළුවන්කම තිබුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඡන්ද විමසීම අවස්ථාවේ පැනලා ගිය නිසා ඒ අවස්ථාවට අපට අහිමි වුණා. ඒත් අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ පරාජය කරලා ආණ්ඩුවට පාඩමක් උගන්වන්න අපට හැකි වුණා. අපි වැය ශීර්ෂ දෙකක් පරාජය කළේ කාගෙවත් සහයක් නැතිව'' යයි ඔහු සඳහන් කලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධාන කරන 'ගම සමඟ පිළිසඳරක් 'වැඩසටහනට සමගාමීව මාතර, කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේ පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි.

ශ්‍රීලනිපයේ සහය නැතත් අයවැය සම්මතයි :

වත්මන් පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව ශ්‍රීලනිප මන්ත්‍රීවරු 06 දෙනාද සමඟ එජාපෙට මන්ත්‍රීවරුන් 106ක් සිටින අතර එජාපයෙන් පැමිණි 6 දෙනාද ජවිපෙ 6 ද සමඟ විපක්ෂයට සිටින්නේ 104 දෙනෙකි.

දෙමළ සන්ධානයේ 14 දෙනාගේ හා විපක්ෂයේ සිටින ලංකා කම්කරු කොන්ග්‍රසයේ දෙදෙනාගේ සහයද අය-වැය දෙවන වර කියවීමේදී එජාපෙ ආණ්ඩුවට ලැබිණි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka