gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් ආයතනය සහ කොන්ත්‍රාත්කරුවන් ජනපති සිහින බොඳ කරයි

නාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට දෙවසරකට පෙර රුපියල් මිලියන 60ක මුදලක් වැයකර  හිඟුරක්ගොඩ   ප්‍රදේශයේ  ඉදිකිරීම් ආරම්භ කළ අංග සම්පුර්ණ ක්‍රිකට් ක්‍රිඩාංගණය   ක්‍රිකට් පාලක මණ්ඩලය  විසින් සහ එහි ඉදිකිරිම් කටයුතුවල නිරත  කොන්ත්‍රාත්කරුවන් විසින්  විනාශයට පත් කර ඇති බව පොළොන්නරු දිස්ත්‍රික්  ක්‍රිකට් සංගමයේ ලේකම්  සහ ඉදිවන නව ක්‍රිඩාංගනයේ අධික්ෂණ කමිටු සාමාජික  ලලිත් නන්දන මහතා  පවසයි.

 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වසර 14ක කාලයක් පොළොන්නරු ක්‍රිකට් සංගමයේ  සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබිණි. එහිදී පොළොන්නරුවේ ක්‍රීඩාංගණයක් ඉදිකිරීම ඔහුගේ සිහිනයක් වී ඇත. එවකට ශ්‍රි ලංකා ක්‍රිකට් සංගමයේ හිටපු සභාපති වූ තිලංග සුමතිපාල මහතා 1998 දී  පොරොන්දු වූ  පරිදි  වසර 19කට පසු හිඟුරක්ගොඩ රජයේ ගොවිපොළට අයත් භූමියෙන් අක්කර 45ක භූමි ප්‍රමාණයක  මෙම ක්‍රිඩාංගණය  ඉදිකිරිම් කටයුතු ආරම්භ කරමින්  සඳහා  2017 වසර මැද භාගයේ ඊට  මුල් ගල  තැබීම  සිදුකෙරිණි.

මෙහි ඉදිකිරිම් කටයුතු අදියර තුනකින් ක්‍රියාත්මක කරමින් 2018 05 24 දිනවන විට අවසන් කිරිමට නියමිතව තිබිණි.  කෙසේ නමුත්  මේ කාලය වන විට ක්‍රිඩාංගණයේ ඉදිකිරිම් කටයුතු නිසි පරිදි ඉදිකර නොමැතිවීම නිසා එය කළ නොහැකි විය.

මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේ  මෙම ක්‍රිඩාංගනයේ  වැඩ කටයුතු නිසි ලෙස ඉටු නොවේ නම්  ඒ සඳහා පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන වැඩසටහනට වෙන් කළ මුදල් රුපියල් කෝටි  2000ක් ඇති බවත් එයින් අවශ්‍ය මුදල දිය හැකි බවත්ය.  නමුත් ඒ අවස්ථාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ  නියෝජිතයෙකු  පවසා සිටියේ ඊට අවශ්‍ය මුදල ප්‍රමාණවත් බවය.

මුදල් ද තපාගෙන මේ ආකාරයෙන් කල්මැරීම පිළිබඳව මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  සහ එහි ඉදිකිරිම් කටයුතුවල නිරත  කොන්ත්‍රාත්කරුවන් ජනපතිගේ දෝෂදර්ශනට ලක්වූ බව
 ලලිත් නන්දන මහතා  වැඩිදුරටත් පවසා සිටී.

මෙහිදී අදහස් දැක්වූ පොළොන්නරුව ක්‍රිකට් සංගමයේ දිස්ත්‍රික් විධායක සභික  සහ ඉදිවන නව ක්‍රිඩාංගණයේ අධික්ෂණ කමිටු සාමාජික චින්තක පුෂ්පකුමාර මහතා,

මේ ක්‍රිඩාංගනයේ  කටයුතුවල ප්‍රමිතියක් නෑ. ඒ වාගේ ස්ථිර කොන්ත්‍රාත්කරුවෙකුත් නෑ.  ග්‍රවුන්ඩ් එකට ගෙනාපු පස් කියුබ් 100ක් පිටට විකුණලා.  වතුර ටැංකියක් හදලා.  එ්කට  මලකඩ කාපු වසර ගණනක් පරණ කම්බි දාලා හදලා තියෙන්නේ. ඒවා ඉදිකරන්නේ ඉංජිනේරුවෝ නැති වෙලාවට. ග්‍රවුන්ඩ් එකට දාලා තියෙන පස් ප්‍රමිතියෙන් තොර පස් .  මේවා කියන්න කෙනෙක් නෑ. ඒ වාගේම කිව්වට වැඩක් නෑ. අඩුම ගානේ මේකේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු මේ දක්වා මේක බලන්නවත් ඇවිත් නෑ . පොළොන්නරුවේ ජනතාව රවටමින් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය  සහ ඉදිකිරිම් කරන කොන්ත්‍රාත්කරුවෝ විශාල බොරුවක් කරනවා.  විශාල මුදල්  ප්‍රමාණයක් විනාශ කරලා. එහි ප්‍රතිපලයක් ලෙස තමයි මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයෙදී පොළොන්නරුවේ ජන්ද වෙනස් වීමකට පවා ලක්වුණේ යැයි පැවසීය.

මේ  සම්බන්ධයෙන් ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ  කමල් ධර්මසිරි  මහතාගෙන් කළ විමසීමකදී අදහස් දක්වමින්

අපේ ආයතනයේ ඉදිකිරිම් කටයුතු සම්බන්ධයෙන් කොත්ත්‍රාත්කරුවන්ගෙන් ඉල්ලුම්පත් කැදවිම් කළා. ඒ අනුව කෝන්ත්‍රාත්කරුවන් 20 දෙනෙකුගෙන්  පමණ ඉල්ලුම්පත් එවා තිබුණා. ඒ අතරින් කොන්ත්‍රාත්කරුවන් 04 දෙනෙකු තොරා ගත්තා. ඒ හතර දෙනා  ලංකාවපුරා අපේ ආයතනය විසින් ඉදිකිරිම් සිදුකරන ප්‍රදේශවලට ඇරියා. ඒ අනුව තමයි පොළොන්නරුවේ හිඟුරක්ගොඩ ඉදිකරන ක්‍රිකට් ක්‍රිඩාංගණයටත් කොන්ත්‍රාත්කරුවෙකු ආවේ.

මේකේ අධික්ෂණය සහ නිරික්ෂණය   රජයේ සී සී බී ආයතනය සහ එහි ඉංජිනේරුවන් විසින් සිදු කරන්නේ. අපට තියෙන්නේ ඒ අයගේ අධික්ෂණයෙන් පසු අප වෙත එවන බිල් ගෙවිම් පමණයි.  මේ  වන විට කොන්ත්‍රාත්කරු සඳහා අපි  රුපියල්  මිලියන 24ක් ගෙවිම් කර තියෙනවා යැයි කීය.

සී.සී බී  ආයතනයේ  ඉහළ නිලධාරියෙකුගෙන් විමසීමේ දී ඔහු මෙසේ පැවසීය

අපිට කරන්න තියෙන්නේ   ප්‍රධාන කොන්ත්‍රාත්කරුවා එන්නේ නැති නිසා ඉදිකිරිම් කරන අවස්ථාවලදී වැඩබලන එක පමණයි.  අපි සේවය කරන්නේත් ප්‍රධාන කොන්ත්‍රාත්කරුගේ යටතේ. අපටත් මේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු  මුදල් ගෙවීමට තියෙනවා. මේ කොන්ත්‍රාත්කරුවා  අපේ ආයතනයේ නම කියමින් හොරවැඩ කරනවා යැයි කීය.

මේ සම්බන්ධයෙන් ක්‍රිඩාංගණයේ ඉදිකිරිම් කටයුතු භාරව සිටින කොන්ත්‍රාත්කරුගේ  නියොජිතවරයෙකු හමුවී විමසිමක් කෙරිණි. එහිදී ඔහු අදහස් දක්වමින්,

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අපිට කලට වේලාවට මුදල් ලබා දුන්නේ  නෑ. පසුගිය කාලේ මුදල් ලබා නොදීම නිසා  මෙහි සේවය කළ කම්කරුවන්ට වාහන සඳහා ගෙවීමට මුදල් නැති නිසා  පස් ටිකක් පිටට විකුණලා මුදල් අරන් ඒ අයගේ පඩි ගෙව්වේ යැයි පැවසීය.

කෙසේ නමුත් ප්‍රදේශයේ ක්‍රිඩකයින් පවසා සිටින්නේ ජනාධිපති ඉන් ප්‍රදේශයේ මෙසේ වංචා සිදු කරනවා නම් රටේ වෙනත් ප්‍රදේශවල කවර කතා දැයි පවසා සිටි.

සටහන සහ ඡායා
ඩබ්. ඒ පියතිලක - හිඟුරක්ගොඩ


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka