gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මේ ප‍්‍රශ්න විසඳීමට තව අවුරුදු තුනක්වත් ගතවේවි... මහ පරිමාණ බුද්ධි අංශයක් සැකසිය යුතුබව මම එදා යෝජනාකළත් සිදුවූයේ නැහැ - සරත් ෆොන්සේකා

ටේ ස්ථාන කිහිපයක බෝම්බ පුපුරා යා හැකි බවට බුද්ධි අංශ විසින් තොරතුරු ලබාදී තිබියදීත් එය වැළැක්වීමට පියවර  නොගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පමණක් චෝදනා කිරීම සාධාරණ නොවන බව තමන් පුද්ගලිකව විශ්වාස කරන බව හිටපු ඇමැති ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
එවැනි ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි අංශ විසින් වාර්තාකළ විට ආරක්ෂක අංශවලට අවශ්‍ය උපදෙස් ලබාදීම දේශපාලන අධිකාරිය සතු කාර්යයක් බවද හෙතෙම සඳහන් කළේය.

ප‍්‍රාදේශීය සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශයේ ඊයේ   (23 දා) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය.

රටේ බුද්ධි අංශ කඩාවැටීම එක සැරේටම සිදුවූ දෙයක් නොවෙයි. 2009 න් පසුව බිහිවූ සියලූම රජයන් ඒ සම්බන්ධ වගකීම භාරගත යුතුව තිබෙනවා. 2009 වසරට පෙර මෙවැනි බුද්ධි තොරතුරක් ලැබුණේ නම් ඉතාම වේගයෙන් කි‍්‍රයාත්මක වෙනවා. ඒ සඳහා අවශ්‍ය ආරක්ෂක යාන්ත‍්‍රණයද එදා මැනවින් සකස් කර තිබුණා.

එල්.ටී.ටී.ඊ සංවිධානයට මරාගෙන මැරෙන බෝම්බකරුවකු නිර්මාණය කිරීමට අවුරුදු 12 ක් ගත වුණා.

අද මෙම කි‍්‍රයාව කළ අන්තවාදී සංවිධානයද වසර  ගණනක් තිස්සේ කි‍්‍රයාත්මක වන්නට ඇති. යුද්ධය අවසන්වූ පසුව මහා පරිමාණ බුද්ධි අංශයක් සැකසිය යුතු බවට හමුදාපතිවරයා ලෙස එදා මම යෝජනා කළත් එවැන්නක් සිදු වූයේ නැහැ.

ගෙවල් වැටලීමෙන් හෝ ආරක්ෂක අංශ මහපාරේ සිටුවා තැබීමෙන් ඇතිවී තිබෙන තත්ත්වය මර්දනය කරන්න බැහැ. මෙම ප‍්‍රශ්නය විසඳිය හැක්කේ බුද්ධි අංශ ශක්තිමත් කිරීමෙන් පමණයි. බුද්ධි යාන්ත‍්‍රණය ශක්තිමත් කළත් මෙම ප‍්‍රශ්න විසඳීමට අවම වශයෙන් අවුරුදු තුනක්වත් ගතවෙයි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka