gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ම්ලේච්ඡ ප්‍රහාරය ගැන මුස්‌ලිම් ඇමැතිවරු දෙදෙනකුගෙන් ප්‍රශ්න කළ යුතුයි - ඇමති රන්ජන්

පාස්‌කු ඉරිදා සිදුවූ ම්ලේච්ඡ ත්‍රස්‌තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් රජයේ සහ හිටපු රජයේ මුස්‌ලිම් කැබිනට්‌ ඇමැතිවරුන් දෙදෙනකුගෙන් වහාම ප්‍රශ්න කළ යුතු බව රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ඊයේ (26 දා) ප්‍රකාශ කළේය. ඉකුත් මාස කිහිපය තුළ සිදුවූ සිද්ධීන්ට අනුකූලව මුස්‌ලිම් තරුණයන් ආයුධ ගෙන නැඟී සිටින බවට ඉහතින් සඳහන් කළ ඇමැතිවරුන් පැහැදිලිව ප්‍රකාශ කර තිබූ බවත් එම ප්‍රකාශ දැනට ද අන්තර්ජාලයේ පවතින බවද ඇමැතිවරයා සඳහන් කර සිටියේය.

 පාස්‌කු ඉරිදා සිදුවූ ත්‍රස්‌ත ප්‍රහාරය සම්බන්ධයෙන් රජයේ මුස්‌ලිම් ඇමැතිවරුන්ට, එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කළ විමසීමකදී හෙතෙම මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා මෙසේ ද කීවේය.

මුස්‌ලිම් තරුණයන්ගේ නිහඬතාව නිවටකමක්‌ ලෙස සිතන්න එපා කියලා අදාළ කැබිනට්‌ ඇමැතිවරු දෙදෙනාම අවස්‌ථා ගණනාවකදී ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කළා. ඒ ප්‍රකාශයන්ගෙන් ඉඟි පළවුණු බව අපි පිළිගත යුතුව තිබෙනවා. ඒවා බැහැර කර කවුරුන් හෝ නිශ්ශබ්දව සිටියානම් එය මේ ම්ලේච්ඡ ප්‍රහාරයට හේතුවන්නට ඇති. ඒ නිසා මේ මුස්‌ලිම් ඇමැතිවරුන්ගෙන් වහාම ප්‍රශ්න කළ යුතුව තිබෙනවා. ඒ අයගේ පක්‍ෂ, පාට, ඡන්ද හෝ මන්ත්‍රී ධුර පිළිබඳව නොසිතා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කරන්න කැමැතියි. බෝම්බ ප්‍රහාර පිළිබඳව රජය දැන සිටි බව කීවත් මොළේ ඇති කිසිම රජයක්‌ මෙවැනි ජන සංහාරයකට ඉඩ නොදෙන බව මට විශ්වාසයි. නමුත් නොසැලකිල්ලක්‌ සිදුවූ බව අපි පිළිගත යුතුයි. මට මේ ආරංචිය ආවානම් මම අනිවාර්යයෙන්ම මුහුණු පොතේ සජීවී දැනුවත් කිරීමක්‌ කරනවා.

ඉකුත් සිකුරාදා මමත් කොච්චිකඩේ දේවස්‌ථානයට ගියා. ඒ වෙලාවෙත් මගේ ආරක්‍ෂිතයන්ට මේ පහරදීම් සිදුවන බවට නිකුත් කර තිබූ ලිපිය ලැබී තිබුණා. එහි ඉන්දියානු මහකොමසාරිස්‌ කාර්යාලය, දේවස්‌ථාන, හෝටල් ඇතුළු ස්‌ථාන වෙත සිදුකරන පහරදීමක්‌ පිළිබඳ සඳහන්ව තිබුණු බවත් කීවත් දින වකවානු සඳහන්ව තිබී නැහැ. නමුත් එය මරාගෙන මැරෙන ප්‍රහාර සහ වෙනත් ප්‍රහාර බව සඳහන්ව තිබුණා.

දිවයින
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka