gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

එජාපයේ ප්‍රබලයින් දෙදෙනෙක් පිළිබඳ අගමැති ජනපතිගෙන් ඉල්ලීමක් කරයි

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට සහ පාලිත රංගේ බණ්ඩාරට කැබිනට් නොවන අමාත්‍ය ධුර ලබාදෙන ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයට සහය පළ කිරීම සඳහා එක්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙකුට ද අමාත්‍ය ධුර ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂය ඉකුත්දා ජනාධිපතිවරයා වෙත ලිපියකින් දන්වා තිබුණා.

විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ, ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඒ. එච්. එම්. ෆවුසි යන මන්ත‍්‍රීවරුන්ගේ නම් මෙලෙස ජනාධිපතිවරයා වෙත යෝජනා කර ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

දැනට අමාත්‍ය ධුර කිහිපයක් දරණ අමාත්‍යවරුන්ගෙන් ඒවා ඉවත් කොට යෝජනා කර ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා එම අමාත්‍ය ධුර ලබාදීමට නියමිතව බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka