gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපතිට හෝ අගමැතිට මැතිවරණ පැවැත්වීමේ වුවමනාවක් නෑ - පැෆරල්

නාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දේශපාලන වේදිකාවල නොයෙකුත් දෑ ප්‍රකාශ කළත් ඔවුන් දෙදෙනාටම පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ වුවමනාවක් ඇතැයි පෙනෙන්නට නොමැති බව පැෆරල් සංවිධානය පවසයි. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ මේ වනවිට පළාත් සභා හතක නිල කාලය අවසන්ව ඇති අතර බස්නාහිර පළාත් සභාවේ කාලයත් අප්‍රේල් 20 වනදායින් අවසන් වන බැවින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතුව ඇතත් ඒ සඳහා කිසිදු පාර්ශ්වයකට වුවමනාවක් ඇතැයි නොපෙනෙන බවයි.
එසේම, මැතිවරණ කල් දැමීම යනු ප්‍රජාතන්ත්‍ර විරෝධි, ජනතා විරෝධී ක්‍රියාවක් බවයි ඒ මහතා අවධාරණය කළේ.

මේ වනවිට පළාත් සභා 9න් 7ක්ම පාලනය වන්නේ ආණ්ඩුකාරවරුන් යටතේ බව පෙන්වා දුන් ඒ මහතා ලබන 20 වනදා වනවිට බස්නාහිර පළාත් සභාවත් ආණ්ඩුකාර පාලනයට යටත්වන බවත් සිහිපත් කළේය.

කෙසේවෙතත් මේ මැතිවරණය ඉල්ලා අධිකරණය හමුවට යාමට හැකියාව ඇතත් එය ද දීර්ඝ කාලයක් ගතවන ක්‍රියාමාර්ගයක් වනු ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka