gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නොරොච්චෝලට උදේ හවස මල් තබා වදිනු.. කැඩුනොත් දිනකට පැය 15ක විදුලි කප්පාදුවක්..- ලංවිම ඉහලම නිලධාරියෙක් බලධාරීන්ට කියයි

නොරොච්චෝල තාප විදුලි බලාගාරයට විදුලිබල අමාත්‍යාංශයේ සියලු නිලධාරීන් සියළු විදුලි ඉංජිනේරුවන් උදේ හවස මල් පහන් තබා වැඳ නමස්කාර කළ යුතු යැයි විදුලිබල මණ්ඩලයේ ඉහළම නිලධාරියෙක් අප වෙත සඳහන් කළේය.

දැනට නොරොච්චෝල බලාගාරය සිය උපරිම ධාරිතාවයෙන් ක‍්‍රියාත්මක වෙමින් දිනපතා අවම වශයෙන් මෙගාවොට් 900 බැගින් ජාතික පද්ධතියට එක් කරමින් සිටින්නේ යයිද ඔහු පෙන්වා දුන්නේය.

නොරොච්චෝල බලාගාරය යම් හෙයකින් බිඳ වැටුනේ නම් ද වන විට දිනකට අවම වශයෙන් දිවා කාලයේදී පැය 10 රාත්‍රී කාලයේ 04 විදුලි කප්පාදුවක් කිරීමට සිදු වනු ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

දැනට මේ විදුලි කප්පාදුව සිදු වෙමින් ඇත්තේ මෙගාවොට් 350 ක පාඩුවක් පියවා ගැනීමට බවත් නොරොච්චෝල නොතිබුණේ නම් තවත් මෙගාවොට් 900 ක විදුලිය හිගයක් ඇතිවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

නොරොච්චෝල ඉදිකිරීම සඳහා සම්පූර්ණ වියදම රුපියල් බිලියන 242ක් වූ බවත් එය අද වන විට සම්පූර්ණ වියදම ආවරණය කර ජාතික ධනයද ඉතිරි කරමින් සිටින්නේ යයිද ඔහු කියා සිටියේය.

මෙම බලාගාරය අඩු පිරිවැයකින් ජාතික පද්ධතියට විදුලි බලය එක් කරමින් සිටින බවත් එසේ නොවුනේ නම් ඩීසල් බලාගාරයන්ගෙන් මෙම බලය මෙතෙක් කාලයක් උත්පාදනය කිරීමට අවම වශයෙන් රුපියල් බිලියන 416ක් වැය වනු ඇති බවත් මෙම ඉතිරියෙන් පමණක් මේ දක්වා වූ කාලයේදී බිලියන 174ක ලාබයක් රටට ඉතිරි කර ඇති බවත් ඔහු පැවසීය.

මෙරට ඇති අති විශාලම යන්ත‍්‍රය වන මෙය සිදු කල යුතු අනිවාර්ය නඩත්තු කිරීම් සදහා වසරකට වතාවක් හෝ දෙවතාවක් නවතා දැමීමට සිදුවීම ඉතා සාමාන්‍ය දේවල් බවත් මෙරට පවතින විදුලි බලාගාරයන් අතරින් ඉහළම ධාරිතාවක් ජාතික පද්ධතියට එකතු කරමින් සිටින්නේ එම බලාගාරය බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

තවත් වසර 25ක කාලයක් මෙරට අවම වශයෙන් මෙම බලාගාරය සිය ජාතික මෙහෙවරේ යෙදෙමින් ශ‍්‍රී ලංකාව ආලෝකමත් කරනු ඇති බව එම බලාගාරයට ආඩපාලි කියන සියළු දෙනා දැනගත යුතු යයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය

-lankacnews


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka