gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨාගේ ජනාධිපති අපේක්ෂකත්වයට බාධාවක් නැහැ !

'සන්ඩේ ලීඩර්' හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ දියණිය අහිම්සා වික්‍රමතුංග මෙනවිය විසින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක සිවිල් නඩුවක් පවරා ඇතත් එමගින්  ඔහුට ඉදිරි ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට කිසිඳු හෝ බාධාවක් ඇති නොවන බව ඇමරිකාවේ වෙසෙන ඔහුගේ සමීප මිතුරකු පැවසීය.

දෙමළ ඩයස්පෝරාවේ මෙහෙයවීම මත සිදුකරන මෙවැනි බාධා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වඩ වඩාත් තහවුරු කරනු ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම් සඳහා සිය ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකාවට ගොස් සිටින බව මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.

ඒ සම්බන්ධයෙන් ඊයේ (08 ) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ 'පොහොට්ටු' පක්ෂයේ සභාපති මහාචාර්ය  ජී.එල්. පීරිස් මහතා පැවසුයේ, අධිකරණයේ නඩුවක් ගොනු කළ පමණින් පුරවැසිභාවය ඉවත් කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමේ සම්ප්‍රදායක් ලෝකයේ නැති බවයි.

බත්තරමුල්ල නෙළුම් පොකුණ මාවතේ පිහිටි 'පොහොට්ටු' පක්‍ෂ කාර්යාලයේ එම මාධ්‍ය හමුව පැවතියේය.

'දේශපාලන පලිගැනීමක්'

රාජපක්‍ෂ මහතාට එන්තරවාසි නිකුත් කර ඇති බව එහිදී පිළිගත් ජී.එල්. පීරිස් මහතා, 2009 වසරේදී සිදු වූ බව කියන ඝාතනයක් සම්බන්ධයෙන් වසර දහයකට පසුව නඩු පැවරීම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමට දෙමළ ඩයස්පෝරාව ගත් ක්‍රියාමාර්ගයක් බවත් මෙය පළිගැනීමක් බවත් අවධාරණය කර සිටියේය.

ඇමෙරිකානු අධිකරණයකින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව එන්තරවාසියක් නිකුත් කිරීම සම්බන්ධයෙන් පළ වන වාර්තා පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජී. එල්. පීරිස් මහතා එසේ කීය.

කෙසේවුවද, ඉහත කී සිවිල් නඩු මගින් ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම ගැටලුවක් විය හැකි ද යන්න පිළිබඳ තවමත් නිශ්චිත කරුණු අනාවරණය වී නොමැත.

“අනාගත ජනාධිපති හමුවෙමු” යනුවෙන් මහින්ද රාජපක්ෂ පාලන සමයේ ලොස් ඇන්ජලිස් කොන්සල් මල්රාජ් ද සිල්වා මහතා විසින් සංවිධානය කර තිබූ උත්සවයකට යමින් සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාට  07 ඉරිදා සිතාසි භාර දී ඇත්තේ ට්‍රේඩර් ජෝස් ඇමරිකානු සුපිරි වෙළෙඳ සංකීර්ණයේ රථ ගාලේ දීය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka