gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති හා ගෝලයකු අනුමැතියක් දෙන්න කෝටි 4ක් ඉල්ලලා !

ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන කල් තබා ගැනීම සඳහා දඹුල්ල ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත විශාල ප්‍රමාණයේ ශීතාගාරය සඳහා වන කොන්ත්‍රාත්තුවට අනුමැතිය ලබා දීමට ඉදිකිරීම් අංශය සඳහා අනුමැතිය ලබාදෙන ආයතනයක ඉහළම පුද්ගලයකු රුපියල් කෝටි හතරක කොමිස් මුදලක් ඉල්ලීමේ සිද්ධියක් හෙළිවීමත් සමඟ බරපතල දේශපාලන අර්බුද මතුව ඇතැයි වාර්තා වේ.

මේ සඳහා ප්‍රධාන දේශපාලඥයකු සම්බන්ධ බවද කළ සොයා බැලීමකදී හෙළිවිය.

වසර 2016 අයවැය යෝජනාවක් අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශ ආයෝජනයක් ලෙස ශීතාගාර පහක් රට පුරා ඉදිකිරීමට යෝජනා වූ අතර එය ක්‍රියාත්මක නොවීම නිසා එහි අයෝජනය පෞද්ගලික අංශයට ලබා දීමට මුදල් අමාත්‍යාංශය තීරණය කළේය.

පසුව ඊට අදාළ කැබිනට් අනුමැතිය ද 2017 නොවැම්බර් මාසය වන විට ලැබී ඇත.

මේ ශීතාගාර සඳහා මෙරට රාජ්‍ය හා පෞද්ගලික බැංකු දෙකක් මගින් ඩොලර් මිලියන 4 ක ආයෝජනයක් ලබාදීමට එකඟවීමත් සමඟ මෙරට ආයෝජකයකු අදාළ ශීතාගාර ඉදිකිරීම ආරම්භ කර තිබේ.

ඒ අනුව ජර්මානු තාක්ෂණය යටතේ වර්ග අඩි මිලියනයක ශීත ගබඩාව මාස හයක් ඇතුළත ඉදිකොට අවසන් කිරීමට සැලසුම් තිබී ඇත.

විදුලිය අවම කරමින් සූර්ය බල තාක්ෂණය යටතේ එහි ගබඩාවේ විදුලි සැපයුම ලබා ගැනීමට ද සැලසුම් කර තිබී ඇත.

ඊට අමතරව, ගොවීන්ගේ සියලුම කෘෂි නිෂ්පාදන සුළු අයකිරීමක් යටතේ මෙම ගබඩාවේ තැන්පත් කිරීමේ පහසුකම් ලබා දීමට සැලසුම් කර තිබේ.

දෙහි, තක්කාලි, උඩරට එළවළු, පහතරට එළවළු ආදිය වෙන වෙනම ගබඩාකර ඒ සඳහා ලොව පිළිගත් ආරක්ෂණ සහතිකයක්ද නිකුත් කිරීමට සැලසුම් කර තිබී ඇත.

එම බඩු භාර දීමේ කුවිතාන්සිය (GRN) බැංකුවලට ඉදිරිපත් කර ණය මුදල් ලබා ගැනීමේ පහසුකම්ද ලබා දීමට නියමිතව තිබේ.

ඒ අනුව එම ගබඩාවේ තැන්පත් කරනු ලබන කෘෂි ද්‍රව්‍ය කිලෝග්‍රෑමයකට සතියකට රුපියල් 1. 25 ක්ද, මසකට රුපියල් 5 ක් හා මාස දෙකකට රුපියල් 10 ක් වශයෙන් අයකිරීමට සැලසුම් කර තිබිණි.

කෙසේවුවද, මෙම ශීත ගබඩාවේ ඉදිකිරීම් කටයුතුවලට අදාළ සියලුම කාර්යයන් අවසන්ව ඇතත් ඉදිකිරීම් අංශ සඳහා අනුමැතිය දෙන ආයතනයේ අනුමැතිය ලැබී නොමැති නිසා වැඩ ආරම්භ වීම ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.

මූලාශ්‍රය - අරුණ


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka