gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Exclusive : 05 වැනිදා අයවැයට විරුද්ද නොවන්නැයි ජනාධිපති ශ‍්‍රීලනිපයට කියයි.. පිරිසක් විරුද්ද වී වාද විවාද මැද හමුව අවසන් වේ !

ප්‍රේල් මස 05 වැනිදා පැවැත්වෙන අයවැය අවසන් වර ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය දීමෙන් වැළකී සිටිය යුතු යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යෝජනා කර තිබේ. තමන්ගේ අමාත්‍යාංශය තුනක ද වැසී ඇති නිසා මෙම අයවැයට විරුද්ධ වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු නොකළ යුතු බව පවසා ඇති ජනාධිපතිවරයා ඒ වෙනුවට එම ඡන්දය වර්ජනය කළ යුතු යැයි යෝජනා කර ඇත.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හා ආසන සංවිධායකයන් ඊයේ ජනාධිපති මන්දිරයේදී හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බව ඊට සහභාගි වූ ශ්‍රීලනිප මන්ත‍්‍රිවරයෙක් අප වෙත සඳහන් කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පෙන්වා දී ඇත්තේ තමන් මේ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන නිසා එවන් තීන්දුවකට ගිය හොත් දේශපාලන වශයෙන් දැඩි අවාසි සහගත බවත් එය විරුද්දවාදීන් විසින් තමනට එරෙහිව ඉතා නරක ලෙස භාවිතයට ඉඩ ඇති බවත් එනිසා අනිවාර්යෙන්ම විරුද්ධව ඡන්දය යුතු බවත්ය.

මේ සම්බන්ධයෙන් ඇති වූ විවාදය නිසා තීරණයක් නොගෙන ඊයේ දින පැවති සාකච්ඡාව අවසන් වී ඇති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය රැස්වී මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට තීන්දු කර තිබේ.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාද ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය හෙට දිනයේ මුණගැසී මේ සම්බන්ධ අවසන් තීන්දුව ගැනීමට නියමිතව ඇත.

අයවැය දෙවැනි වර කියවීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය දීමෙන් වැලකී සිටීම නිසා ඊට විපක්ෂයෙන් දැඩි විවේචන එල්ල විය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka