gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

"ලාල්කාන්ත විහිළුකාරයෙන්නෙ" - මහින්ද

නතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත යනු විහිළුකාරයෙකු බවත් හාස්‍යෝත්පාදනය සඳහා ඔහු විසින් යම් යම් ප්‍රකාශ කරන බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පසුගියදා ලාල්කාන්ත මහතා අතින් සිදුවූ රිය අනතුරෙන් පසුව ඔහු විහිළු කියවන බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ජනාධිපතිවරණ අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් කෙරෙනු ඇති බවට ලාල්කාන්ත මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මහනුවරදී කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් තම පවුල තුළ කිසිදු ගැටුමක් තමන් දන්නා තරමින් නම් නොමැති බව පැවසූ ඒ මහතා මාධ්‍ය නම් එක එක ගැටුම් පිළිබඳ කියන බවත් මාධ්‍යයට සැමදාම වුවමනා වූයේත් තමන්ගේ ගැටුම් බවත් ප්‍රකාශ කළේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka