gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සිවාජිලිංගම් ඇතුළු පිරිසක් මණ්ඩතිව් කඳවුර මනින්න ආ මිනින්දෝරුවරු එලවා දමති

යාපනය වේලනෙයි මණ්ඩතිව්හි පිහිටි නාවික හමුදා කඳවුරු භූමිය ප්‍රමාණයෙන් විශාල කිරීමට රජයෙන් ගෙන ඇති තීරණයට අනුව එම කඳවුරු භූමියේ මැනුම් කටයුතු කිරීමට ඊයේ (11) පැමිණි මිනින්දොරුවරු පිරිසකට දෙමළ ජාතික සන්ධානයේ හිටපු උතුරු පළාත් මන්ත්‍රීවරයකු වූ එම්.කේ සිවාජිලිංගම් ඇතුළු පිරිසක් විරෝධතාවක් සංවිධානය කර තිබිණි.

මණ්තිව්හි නාවික හමුදා කඳවුර ආසන්නයේ මෙම විරෝධතාවය පැවති අතර එහිදී ඊයේ දින අදාල නාවික හමුදා කඳවුරු භූමිය විශාල කිරීම සඳහා අවශ්‍ය කරන මැනුම් කටයුතු වෙනුවෙන් මිනින්දොරුවරුන් පැමිණි වාහනය හරස් කරමින් එයට ගමන් කිරීමට නොහැකි වන අයුරින් විරෝධතාවයේ නිරත වීමට හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස පියවර ගෙන තිබිණි.

අදාල පිරිසේ විරෝධතාවය හේතුවෙන් මැනුම් කටයුතු සඳහා පැමිණි මිනින්දොරුවරුන් පිරිස ආපසු හැරී ගොස් ඇත්තේ වෙනත් දිනක නැවත පැමිණෙන බව පවසමිනි.

නමුත් විරෝධතාවයේ නිරත සිවාජිලිංගම් ඇතුළු පිරිස පවසා ඇත්තේ මණ්ඩතිව් නාවික හමුදා කඳවුර විශාල කිරීමට ගෙන ඇති තීරණයට තම ජනතාව කිසිසේතම එකඟ නොවන බවයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka