gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප්‍රහාරවලට LTTE ය භාවිත කළ ඒවාටත් වඩා ප්‍රබල පුපුරණ ද්‍රව්‍යක් යොදාගෙන !

පාස්කු ඉරිදා සිදුකළ ප්‍රහාරයන් සඳහා TATP (triacetone triperoxide) පුපුරණ ද්‍රව්‍ය භාවිත කර ඇති බව විශේෂ කාර්ය බලකායේ හිටපු ප්‍රධානී, හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතා මාධ්‍යට පවසා තිබේ.
TATP නමැති පුපුරණ ද්‍රව්‍ය අල්ඛයිඩා සංවිධානය විසින් පිපිරීම්වලට සාමාන්‍යයෙන් සුලභව භාවිත කරන පුපුරණ ද්‍රව්‍යක් බවද ඒ මහතා හෙළිකර තිබේ.

ප්‍රහාරකයින් සඳහා නිශ්චිතවම මුදල් ආධාර ලැබී ඇති බවත්, ඒ ඉව ඔවුන් නිවාස කිහිපයක් කුලියට ගැනීම තුළින් පෙනී යන බවද ඔහු පෙන්වා දෙයි.

බෝම්බ 8-9ක් එකවර පුපුරවා හැරීමේ ක්‍රමවේදය ලේසි පහසු කාර්යක් නොවන බවද ඔහු කියා සිටී.

ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

“එය ඇසිටෝන් පෙරොක්සයිඩ් නම් රසායන ද්‍රව්‍යයක්. එල් ටී ටී සංවිධානයට තිබ්බේ ඇමෝනියම් නයිට්‍රේට් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය. නමුත් TATP කියන්නේ , TNT පුපුරණ ද්‍රව්‍යයටත් වඩා ප්‍රබල පුපුරණ ද්‍රව්‍යයක් . ඔබ දර්ශන දුටුවොත් බෑගයක තරුණයෙකු මෙය ගෙනියනවනම් උපරිම ඔහුට ගෙන යා හැක්කේ කිලෝ 4-6ක් අතර ප්‍රමාණයක් . නමුත් බලන්න ඉන් සිදුකළ හානිය .කොච්චිකඩේ දේවස්ථානයේ හානිය බලන්න. එය හරියට TNT කිලෝ 20කින් කළ හානියක් වගේ. නමුත් ඇතුලට ගියේ එක පුද්ගලයයි”

ප්‍රහාරකයින් ප්‍රහාරය සඳහා යොදාගත් පුපුරණද්‍රව්‍ය භාවිත කරන ආකාරය දැන සිට ඇති බවද ඔහු පැවසීය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka