gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපේ ආණ්ඩු කාලේ අගමැතිවරයෙක් හා ඇමතිවරු 09ක් හිටියත් ඒ සැමට වඩා සේවයක් ඇමති කිරිඇල්ල මහනුවර කලා..- කෙහෙලිය අමුතු පොටකට එයි

පසුගිය මාර්තු 10වනදා මහනුවර කුණ්ඩසාලේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍ර කණ්ඩායම පා.ම. කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ හමුවක් පවත්වා තිබුණි.

එයට හේතුව වී තිබුණේ 11 වෙනි දින පැවැත්වෙන ප‍්‍රාදේශීය සභා මහසභා රැුස්වීමේදි ගතයුතු තීන්දු තීරණ පිළිබද සාකච්චා කිරීමයි.
කෙසේ වෙතත් මෙම හමුවේදී හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මන්තී‍්‍ර කණ්ඩායම හමුවේ පවසා ඇත්තේ තමන් ඇතු`එව අමාත්‍යවරුන් 09ක්, අගමැතිවරයෙක් හා පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයෙක් මහනුවරට සිටි නමුත් අප කළ සේවයට වඩා සේවයක් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා තනිවම පසුගිය කාලය තුළ මහනුවරට විශාල සේවයක් සිදුකර ඇති බවයි.

තමන් එය අකමැත්තෙන් වුවද පිළිගන්නා බව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම හමුවේදී ප‍්‍රකාශ කළ බව රැස්වීම නියෝජනය කළ පොදුජන පෙරමුණේ ප‍්‍රාදේශීය සභා මන්ති‍්‍රවරයෙක් පැවසීය.

– කුණ්ඩසාල S. පෙරේරා
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka