gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බැඳුම්කර සිද්ධියට අත්අඩංගුවට ගත් පස්දෙනාට ඇප

හ බැංකු බැඳුම්කර සිදුවිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති, එහි අධ්‍යක්ෂවරුන් තිදෙනා හා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ල අද (05) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නීතීඥවරු ඇප ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව ජෙෆ්රි ඇලෝසියස් සහ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී.සමරසිරි යන අය රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මතද පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සෙසු අධ්‍යක්ෂවරු තිදෙනා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කළේය.

අනතුරුව මෙහි සියලුම සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියම කළ අතර පැමිණිල්ල ලබන 30 වැනිදා යළි කැදවීමට නියමකර ඇති බව වාර්තා වේ.

මෙසේ ඇප මත නිදහස් කළ සැකකරුවන් වන්නේ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් , එහි අධ්‍යක්ෂවරුන් වන රන්ජන් හුළුගල්ලේ, මුත්තුරාජා සුරේන්ද්‍රන්, පුෂ්‍යමිත්‍ර ගුණවර්ධන සහ හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරි යන අයය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka