gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ෆොන්සේකා ආරක්ෂක මණ්ඩලයට : රෝ ඔත්තුව මැයි රැළි අවලංගු කළා ?

ක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා ප්‍රාදේශීය දේශපාලඥයන් පිරිසක් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජාතික ආරක්ෂක කවුන්සිලය සඳහා එක්කර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමට සූදානම් වන බව වාර්තා වේ.

දැනට ඇතිව තිබෙන බරපතළ තත්ත්වයට සූක්ෂ්ම සැලසුම් සහ ක්‍රමවේද සැකසිය හැකි අත්දැකීම් බහුල ආණ්ඩුවේ සිටින එකම පුද්ගලයා සරත් ෆොන්සේකා මහතා නිසා ඔහුව රටේ ආරක්ෂක වැඩපිළිවෙලට සෘජුව මැදිහත් කර ගන්නා ලෙස මෙම මන්ත්‍රී කණ්ඩායම ඉල්ලීමට නියමිතව ඇතැයි සඳහන් වේ.

 මැයි රැළි අවලංගු කළ රෝ ඔත්තුව 

මේ අතර,  ඉන්දීය රජයේ “රෝ” ඔත්තු සේවය මෙරට ආරක්ෂක බුද්ධි අංශයට අනතුරු ඇඟවීම නිසා සියලු දේශපාලන පක්ෂවල මැයි දින රැලි අවලංගු කර ඇති බවට මාධ්‍ය වාර්තා කර තිබේ.

රජයේ ආරක්ෂක අංශ විසින් සියලු ප්‍රධාන දේශපාලන පක්ෂවලට මේ බව දැන්වීමෙන් පසු ආරක්ෂිත පියවරක් ලෙස මැයි දින රැලි අවලංගු කර ඇත.

මෙයට පෙර ක්‍රිස්තියානි පල්ලිවලට ප්‍රහාර එල්ල වීමට පෙරද මේ ආකාරයට ඉන්දීය බුද්ධි අංශ එකී ප්‍රහාර ගැන අනතුරු අඟවා තිබිණි.

වසර 1993 දී මැයි දිනයේ දී එල්ල වූ මරාගෙන මැරෙන එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ප්‍රහාරයකින් එවකට සිටි ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනය කිරීමෙන් පසු මැයි දිනයට මෙතරම් තර්ජනයක් එල්ල පළමු අවස්ථාව මෙය බවට ද මතයක් පැතිර තිබේ.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka