gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මදූෂ් සමග අත්අඩංගුවට පත් වූ කිහිපදෙනෙකුගේ ඩුබායි වත්කම් ගැන අනාවරණය වෙයි

මාකඳුරේ මදූෂ් සමඟ ඩුබායිහි දී අත්අඩංගුවට පත් වූ පිරිසෙන් කිහිපදෙනෙකු සතු ඩුබායි වත්කම් සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු අනාවරණ වෙමින් තිබෙනවා.

ඔවුන්ට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පදිංචි වීසා ද ඇති බවයි හෙළිකර ගෙන ඇත්තේ.

මොහොමඞ් ඉම්රාන් මොහොමඞ් නජීම් නොහොත් කන්ජිපානි ඉම්රාන්, අනුෂ්ක කෞෂාල් නොහොත් ජංගා සහ සේපාල රත්නායකගේ අමිල සම්පත් නොහොත් රොටුඹ අමිල ද ඒ අතරට අයත්.

මොහොමඞ් ඉම්රාන් මොහොමඞ් නජීම් නොහොත් කන්ජිපානි ඉම්රාන්ට එක්සත් අරාබි එම්ර් රාජ්‍යයේ පදිංචි වීසා ලැබී ඇත්තේ 2015 වසරේ මාර්තු මාසයෙන් පසුවයි.

අනුෂ්ක කෞෂාල් නොහොත් ජංගාට මෙම වසරේ පෙබරවාරී මස 03 වැනිදා සිට එරට පදිංචි වීසා ලැබී තිබෙනවා. සේපාල රත්නායකගේ අමිල සම්පත් නොහොත් රොටුඹ අමිලට පදිංචි වීසා ලැබී ඇත්තේ 2017 වසරේ ඔක්තෝබර් මස 17 වැනිදා බවයි අනාවරණ වී ඇත්තේ.

කිසියම් පුද්ගලයෙකුට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පදිංචි වීසා ලබා ගැනීම සඳහා ඔහු හෝ ඇය සපුරාලිය යුතු කරුණු රැසක් වනවා. ඒ අනුව නිවසක් තිබීම අනිවාර්ය වන අතර ඔහු හෝ ඇය නමට ලියාපදිංචි කළ සමාගමක් ද තිබිය යුතුයි. ආරක්ෂක අංශ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ මෙම සංවිධානාත්මක අපරාධකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සහ විවිධ අපරාධවලින් උපයා ගන්නා මුදල් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ආයෝජනය කර ඇති බවයි. 


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka