gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපතිවරණයට විග්නේෂ්වරන් - සුළුජාතික ඡන්ද ප‍්‍රධාන අපේක්ෂකයන්ට අහිමි කිරීම ප‍්‍රධාන අරමුණයි !

දිරි ජනාධිපතිවරණයේ දී සමස්ත සුළු ජාතීන්ගේ නියෝජිත අපේක්ෂකයා ලෙස තරග කිරීමට උතුරු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඉදිරිපත් කිරීමට දෙමළ ඩයස්පෝරාව සැලසුම් කර ඇත. එසේ තරග කිරීමෙන් සුළු ජාතික ඡුන්ද ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහි අපේක්ෂකයන්ට ලැබීමට ඇති අවකාශය අහිමි කිරීම එහි ප‍්‍රධාන අරමුණ බව විග්නේෂ්වරන් මහතාට පූර්ණ වශයෙන් සහය දෙන දෙමළ දේශපාලන පක්ෂයක ප‍්‍රකාශකයෙක් පැවසීය.
දෙමළ ඩයස්පෝරාව ජනාධිපති ධුර අපේක්ෂක ලෙස විග්නේෂ්වරන් මහතා ඉදිරිපත් කිරීම සහ ඔහුට සියලූ දෙමළ දේශපාලන පක්ෂවල සහය ලබාදීම සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡුා ආරම්භ කර තිබේ.

පසුගියදා යාපනයේ පැවැති දේශපාලන පක්ෂ අතර සාකච්ඡුාවක දී සුළුජන ඡුන්ද දකුණේ කිසිදු ප‍්‍රධාන දේශපාලන පක්ෂ අපේක්ෂකයෙකුට ලැබීමට ඇති ඉඩකඩ අහිමි කළ යුතු බවට උතුරේ ඊළාම් මක්කල් සුයාට්චි කලගම් (ඊළාම් ජනතා ස්වයං පාලන පක්ෂය), ඊපීආර්එල්එෆ්, දෙමළ ජාතික ජනතා පෙරමුණ හා විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් යුත් තමිල් මක්කල් කූට්ටනි යන පක්ෂ එකඟතාවයකට පැමිණි බවද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.

2015 ජනාධිපතිවරණයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ලබාදී ඇති පොරොන්දු කෙරෙහි විශ්වාසය තබා පොදු අපේක්ෂකයාට සහාය ලබාදුන්නද එකී කිසිදු පොරොන්දු ඉටු කිරීමට යහපාලන රජය කරහැරීමත් එම පොරොන්දු පදනම් කරගෙන දෙමළ ජාතික සන්ධානය ප‍්‍රමුඛ දෙමළ දේශපාලන පක්ෂ ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට නොහැකි වීමෙන් ඇති වී තිබෙන ජනතා විරෝධයට විසඳුමක් ලෙස මෙවන් තීරණයක් කරා යෑමට සූදානමින් සිටින බව ද එම ආරංචිමාර්ග පවසයි.

සුළු ජාතීන්ගේ පොදු අපේක්ෂකයකු ලෙස විග්නේෂ්වරන් මහතා ඉදිරිපත් කිරීමත් ඔහුට සමස්ත සුළු ජාතික ඡන්ද ලබා ගැනීම උදෙසා සියලූ දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ සමග සාකච්ඡුා කිරීමට උතුරේ ප‍්‍රධාන පෙළේ දේශපාලන කණ්ඩායමක් මේ දිනවල සූදානම් කරමින් සිටින බවත් එම ප‍්‍රකාශකයා කියා සිටියේය.

මේ වනවිට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර එකඟතාවයක් නොමැති වීමත් එක්සත් ජාතික පක්ෂය තුළ ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා රනිල් වික‍්‍රමසිංහ, කරු ජයසූරිය සහ සජිත් පේ‍්‍රමදාස අතර තුන්කොන් සටනක් දියත් වී තිබීමත් තම අපේක්ෂකයා ජයග‍්‍රහණය කරවීමට වාසිදායක තත්ත්වයක් උදාවනු ඇතැයි ද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

දිවයින ඉරිදා සංග‍්‍රහය


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka