gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මඩකළපු ප්‍රහාරයේ බෝම්බකරුගේ හිස දේවස්ථානය ළඟ නිවෙසක වහල මතට විසිවෙලා

ඩකළපුව මධ්‍යම පාර ප්‍රදේශයේ පිහිටි සියෝන් දේවස්ථානයේ සිදුවූ පිපිරීමෙන් මේ වන විට 28 දෙනෙක් මියගොස් තිබේ. ඔවුන්ගෙන් මළ සිරුරු 25ක් හඳුනාගෙන ඇති අතර එක් මළ සිරුරක් හඳුනාගෙන නොමැත. ඊට අමතරව හිසක්ද, පාද 04ක්ද මඩකළපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

මේ වන විට තුවාලකරුවන් 69 දෙනකු

මඩකළපුව රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇත. ඉන් දෙදෙනකු පිටස්තර රෝහල්වලට මාරු කර යවා ඇත. 56 දෙනකු රෝහලේ ප්‍රතිකාර ලබා ගනිමින් සිටිති. 07 දෙනකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ගන්නා බව මඩකළපුව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පාළුවට ගොස් තිබුණු මඩකළපු නගරයේ පෙරේදා දහවල් වන විට කළු සහ සුදු කොඩි ඔසවා තිබිණි. මඩකළපුව, කාත්තන්කුඩිය ආදී ප්‍රදේශ රැසක සුදු කොඩි සහ කළු කොඩි ඔසවා තිබිණි. මඩකළපුව දේවස්ථානය, විහාරස්ථානය ආදී පූජනීය ස්ථානවලටත් නගරයටත් පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ සහ යුද හමුදාව යොදවා දැඩි ආරක්‍ෂාවක් යොදවා තිබිණි.

බෝම්බකරුගේ යැයි සැකකරන අයකුගේ හිස මීටර් 30ක් පමණ දුරක නිවෙසක වහලයක් මතට විසිව ගොස් තිබියදී හමුව ඇත.

දිගාමඬුල්ල - හෂිනි සචින්තා ඉඳුවරී,

අම්පාර - සිතුමිණි ධනුෂ්කා දිල්හානි
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka