gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

එජාප අපේක්ෂකයා කව්ද? - ඇමති අජිත් පෙරේරාගේ FB සටහනින් දේශපාලනය කැළඹේ !

දිරි ජනාධිපතිවරණයේදී නියත ලෙස ජයගත හැකි එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා කව්ද ? යනුවෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් පි. පෙරේරා මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහන මේවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි සංවාදයට ලක්වෙමින් පවති.

එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ හා එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජායාරුප පළකරමින් අජිත් පෙරේරා මහතා එසේ එජාපෙ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙසේ ජනමතය විමසීමට ලක්කර ඇති අතර මේවනවිට ඊට පුළුල් ප්‍රතිචාරයක් ලැබෙමින් පවතී.

එම ප්‍රතිචාරයන්ට අනුව අද(08) උදැසන වනවිට රනිල් වික්‍රමසිංහ මහතාට සියයට 28කගේ කැමැත්ත පලවී ඇති අතර සියයට 72කගේ කැමැත්ත හිමිව ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා වෙතය.

අජිත් පෙරේරාගේ FB සටහන


























කෙසේවුවද අගමැති මාධ්‍ය ඒකකයේ මෙහෙයවීම මත ක්‍රියාත්මක සමාජ මාධ්‍ය හරහා අජිත් පෙරේරා අමාත්‍යවරයාගේ මෙම ක්‍රියාව දැඩි ලෙස විවේචනයට ලක්කර තිබේ. එහි එක් සටහනක මෙසේ සඳහන් වේ.

''මහත්තයො ඔබ මේ සිදු කරන්න හදන්නෙ බෙදීමක්. එනිසා ඔබට අවශ්‍ය කෙනා හිතේ තීනව නම් කියන්න. ඒත් බෙදීම් ඇති කරන්න එපා පාක්ශිකයින් අතරෙ. එය ඉතා පිලිකුල්සහගතයි. ලැජ්ජයි. උගත් අයෙකුගෙන් මෙවන් දෙකයි පනහෙ වැඩ පාක්ශිකයින් බලාපොරොත්තු වෙන්නෙ නෑ.''

එවැනි තවත් සටහනක මෙසේ දැක්වේ.

''ඔය පෝස්ට් එක සම්බන්ධයෙන් කිසිවක් නොකියමි. ඩිලීට් කරල නැත්නම්.එත්, අපි රනිල්ද සජිත්ද කියල කිසි පිලක අපි නෑ. එකමදේ සමගිව අපි පෙරට යන්නයි ඕන.''

මෙවැනි ප්‍රතිචාර මත සිය FB සටහන ඉවත්කර ගැනීමට කටයුතු කරනවා දැයි කල විමසීමකදී අමාත්‍ය අජිත් පෙරේරා මහතා කියා සිටියේ එවැනි අවශ්‍යතාවයක් නොමැති බවයි.

ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් මේවනවිට ඊට අයත් පක්ෂවල ද සාකච්ජාවට ලක්වෙමින් පවතී.

-srilankamirror


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka