gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති වීමට මෛත්‍රී සුදුසු නෑ… එජාපයෙන් ඔහුට අපේක්‍ෂකත්වය දෙන්නෙත් නෑ – අජිත් පෙරේරා

නාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂයෙන් අපේක්‍ෂක ධුරය ඉල්ලුවහොත් ලබා නොදෙන බවත්, නැවත වරක්‌ ජනාධිපති වීමට සිරිසේන මහතාට කිසිදු සුදුසුකමක්‌ නැති බවත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් කැබිනට්‌ නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

සිය අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේදී අදහස්‌ දැක්‌වූ ඇමැතිවරයා එක්‌සත් ජාතික පක්‍ෂයට සහාය දැක්‌වීමට මෛත්‍රිපාල සිරිසේන මහතා කැමැත්තක්‌ දක්‌වන්නේ නම් ඔහුට ඒ සඳහා අවස්‌ථාව ඇතිමුත් කිසිම විටෙක ඔහුට යළිත් ජනාධිපති අපේක්‍ෂක ධුරයක්‌ එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ලබා ගැනීමට ඉඩ නොදෙන බවද කීවේය.

ජනාධිපතිවරයාගේ ධුර කාලය 2020 ජනවාරි 08 දා අවසන් වන බව පැහැදිලි කරුණක්‌ව තිබියදී ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශේ්‍රෂ්ඨාධිකරණ මතය විමසීමට යන්නේ ජනතාව අතර කුතුහලයක්‌ ඇති කිරීමට බව කී ඇමැතිවරයා නව අගවිනිසුරුවරයා පත්වීමෙන් පසුව එම මත විමසීම සිදු කරන බවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කිරීම තුළින් අධිකරණයට බලපෑමක්‌ සිදු කර ඇති බවද කීවේය.

‘ජනාධිපති සිරිසේන මහතා එක්‌සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකකම ඉල්ලුවොත් දෙන්නේ නැහැ. ගන්න දෙන්නෙත් නැහැ. එතුමා නැවත ජනාධිපති වෙන්න සුදුසු නැහැ.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසුව එක්‌සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා කවුද කියලා අපි ප්‍රකාශයට පත් කරන්නම්. කොහොම වුවත් මේ රටට දැන් අලුත් ජනාධිපතිවරයෙක්‌ අවශ්‍යයි. මොන පක්‍ෂයෙන් වුණත් අලුත් ජනාධිපතිවරයෙක්‌ රටට අවශ්‍යයි.

නව අගවිනිසුරු පත්වූ පසුව ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳ ශේ්‍රෂ්ඨාධිකරණ මත විමසීමක්‌ සිදු කරන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසා තිබුණා. ඕනෑම කාරණයක්‌ පිළිබඳ ජනාධිපතිවරයාට ශේ්‍රෂ්ඨාධිකරණයේ මතය විමසන්න පුළුවන්. ඒක හොඳ කාරණයක්‌. අපි ඒකට විරුද්ධ නැහැ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා නීතිවිරෝධීව ඉවත් කරන්න කලිනුත් පාර්ලිමේන්තුව නීතිවිරෝධීව විසුරුවන්න කලිනුත් ජනාධිපතිවරයා මේ විදිහට මතය විමසුවා නම් පසුගිය දවස්‌වල ඇති වුණ අර්බුද ඇතිවෙන්නේ නැහැ.

නව අගවිනිසුරු පත්වීමෙන් පසුව මතය විමසනවා කියලා දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා ප්‍රකාශ කිරීමෙන් ශේ්‍රෂ්ඨාධිකරණයේ ගෞරවය හෑල්ලු කර තිබෙනවා. ඒ වගේම අලුතෙන් පත්වන අගවිනිසුරුවරයාට බලපෑමක්‌ සිදු කර තිබෙනවා. මොකද තමන්ට අවශ්‍ය පුද්ගලයා අගවිනිසුරු කර තමන්ට අවශ්‍ය තීරණ ලබාගැනීමටයි මේ හරහා උත්සාහ කරන්නේ. එය අධිකරණයේ ගෞරවය නැති කිරීමක්‌. තමන්ට මත විමසීමක්‌ අවශ්‍ය නම් නව අගවිනිසුරුවරයෙක්‌ පත් වෙනකම් ඉන්නේ ඇයි දැන්මම විමසන්න පුළුවන්නේ” යෑයිද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

– divaina


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka