gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බෝම්බ ප්‍රහාරවලින් මියගිය පුද්ගලයින් ගණන 253ක් දක්වා පහත බසී - විදෙස් මාධ්‍ය සිනාසේ !

රිදා ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාරයෙන් පසු මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව ලෙස ඊයේ වනතුරු වාර්තාවූ 359 අගය වැරදි බවත් එය 253 ලෙස නිවැරදි විය යුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා බ්‍රහස්පතින්දා (25) සවස නිකුත් කළ නිවේදනයකින් දන්වා ඇත.
මෙම මරණ සංඛ්‍යාව 359 ක් ලෙස බීබීසී,සීඒන්ඒන්, නිව්යොර්ක් ටයිම්ස් ඇතුළු ලෝකයේ ප්‍රධාන මාධ්‍ය වාර්තා වල පවා ප්‍රසිද්ධ කළ අතර එය දැන් ඔවුනටද නිවැරදි කරන්න යයි මෙම නිවේදනයෙන් ඉල්ලා ඇත.

අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ මෙම වරද කළේ මාධ්‍ය බවය. සෞඛ්‍ය අංශ වාර්තා අනුව 290 ආසන්න අගය පමණක් දන්වා ‍තිබුණ බවත්

 එම සංඛ්‍යාව ආසන්න අගයක් පමණක් වූ බවත් පවසන අධ්‍යක්ෂවරයා ඇතැම් මළ සිරුරු කොටස් වලින් වැරදි ලෙස පුද්ගලයින් එක අයෙකු දෙදෙනෙකු ලෙස සටහන් තැබීමෙන් වූ දෝෂය නිවැරදි කිරීමේදී 290-253 දක්වා අඩුවූ බව දන්වා ඇත. 359 අගයක් කිසිදු ලෙසක සෞඛ්‍ය අංශ මගින් දන්වා නැති බවත් මාධ්‍ය මගින් ඒම අගය දක්වා තිබූ බවත් ඒම නිවේදනයේ සටහන්වේ.

කෙසේ වෙතත් මියගිය සංඛ්‍යාව පිළිබඳ මාධ්‍ය දැනුවත් කර තිබුනේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වන අතර 24 දා උදේ 8.15ට අවසන් වරට මියගිය ගණන 359 ලෙස ලිඛිතවදන්වා තිබුණි.

ලෝකයේම අවධානය යොමුවූ ත්‍රස්ත ප්‍රහාරයක මරණ සංඛ්‍යාව නිවැරදිව ගණනය කිරීමට නොහැකිවීම මෙම සිදුවීමට පෙර බුද්ධි අංශ පණිවිඩයට හරියාකාරව  ක්‍රියා නොකිරීමේ අසමත්කම හා සමාන සිද්ධියක් බව බීබීසී දකුණු ආසියානු සංස්කාරිකා Jill McGivering උපහාසයෙන් යුතුව සටහන් තබා ඇත.
දැන් පවසන සංඛ්‍යා අනුව බීබීසී පර්යේෂණ අංශය මගින් මියගිය සංඛ්‍යාවන් පහත පරිදි දන්වා තිබේ.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka