gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රිලනිප අයවැය ඡන්ද විමසීම වර්ජනය කරති… ශ්‍රීලනිප නිසා බේරුණු බව මංගල කියයි

ද පස්වරු 5ට පැවැත්වීමට නියමිත අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ට සහභාගී නොවී සිටීමට ඒකාබද්ධ විපක්ෂයට අයත් නොවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී පිරිස තීරණය කර ඇත.

කෙසේ වෙතත් මෙවර අයවැය ඡන්දය වර්ජනය කරන්න  නොහැකි බවටද ඇතැම් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් මත ගැටුමක නිරත වී සිටින්නේ ඇයිද පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් සැලවේ.
ඇමති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තු කොරිඩෝවේදී  දැනට ටික වේලාවකට පෙර සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා තමන් බේරුණු බවය.

අප මේ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ මේ මොහොතේ සාකච්ඡාවක නිරත වන බැවින් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

හෙට දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැය ශීර්ෂය විවාදයට ගෙන නිසා මේ අවස්ථාවේ බෙදීමක් ඇති නොකර ගැනීමට අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම වර්ජනය කිරීමට ජනාධිපති වරයාගේ ඉල්ලීම මත තීරණය ගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අප වෙත සඳහන් කළේය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙවෙනිවර කියවීමට විරුද්ධව ඡන්දය දුන්නේ නම් කිහිපදෙනෙකු පක්ෂ වීමට සූදානමකින් සිටි බවට තොරතුරු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka