gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 43කින් සම්මතයි TNA පක්‍ෂ වෙයි.. ශ‍්‍රීලනිප පිරිසක් වර්ජනයේ..

2019 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද වැඩි ඡන්ද 43 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණි.
අයවැයට පක්ෂව ඡන්ද 119 ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණු ඡන්ද ගණන 76 කි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ අතර  ආරුමුගම් තොන්ඩමන් මන්ත්‍රීවරයා සහ මුත්තු සිවලිංගම්  මන්ත්‍රිවරයා , දෙමළ සන්ධානය සමඟ එක්සත් ජාතික පක්ෂය ඊට පක්ෂව ඡන්දය පාවිච්චි කළේය.

2019 වර්ෂය සඳහා වන අයවැය ඉකුත් 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර එහි දෙවන වර කියවීමේ විවාදය අදින් අවසන් වුණි.

අද පෙරවරු 11.30ට පමණ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වුණු අතර  අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට එහිදී තීරණය කෙරුණි.

කෙසේවෙතත් පස්වරුවේ ඡන්ද විමසීම ආරම්භ වීමට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා මෙලෙස අදහස් පළ කළේය.

අද පස්වරු 5.00ට පමණ අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම ආරම්භ වු අතර ඡන්ද විමසීම පැවැත්වුණේ ඉලෙක්ට්‍රොනික ක්‍රමයටයි.

එහිදී අයවැයට පක්ෂව මන්ත්‍රීවරුන් 119 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළ අතර මන්ත්‍රීවරුන් 76 දෙනෙකු ඊට විරුද්ධව ඡන්දය ලබා දුන්නේය.

ඒ අනුව 2019 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 43 කින් සම්මත වුණි.

මෙහිදී අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන්නේ එක්සත් ජාතික පක්ෂය,දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයි.

මෙහිදී විපක්ෂය නියෝජනය කරන ලංකා කම්කරු කොංග්‍රසයේ මුත්තු සිවලිංගම් හා ආරුමුගම් තොණ්ඩමන් යන මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්දය ලබාදීම විශේෂත්වයකි.

අයවැයට විරුද්ධව ඡන්දය ලබාදුන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණයි.

කෙසේවෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර,ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර,ආචාර්ය සරත් අමුණුගම, එස්.බී.දිසානායක, ඩග්ලස් දේවානන්ද,පූජ්‍ය අතුරලියේ රතන හිමි ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ සිටියේ නොමැත.

එමෙන්ම පසුගිය ඔක්තෝබර් මස මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට සහය පළ කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වන අශෝක ප්‍රියන්ත හා විජේදාස රාජපක්ෂ යන මහත්වරුන් ද එම අවස්ථාවේ සභාවේ සිටියේ නොමැති බව වාර්තා වෙයි.

2019 අයවැය තෙවැනි වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය හෙට සිට අප්‍රේල් මස පස් වන දින දක්වා පැවැත්වෙන අතර එදිනට අයවැය අවසන් ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka