gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අනගාරික ධර්මපාල තුමාටත් මහාචාර්ය සේනක බිබිලේ මහතාටත් සිදුවූයේත් මට වූ දේමයි - රාජිත

පියයුරු පිළිකා එන්නතක් වන “ටැබ්සුමාබ්” පිළිබදව සිදු කරන ප්‍රචාරවල සත්‍යතාවයක් නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක් මත රජයේ රෝහල්වල අක්ෂි සැත්කම් සිදු කිරිම සදහා නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙල යටතේ අක්ෂි කාච ලක්ෂයක් ලබාදීමේ සත්කාර්යය සිහි කිරීමේ උත්සවයක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී පැවැත්විනි.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “බහුජාතික සමාගමක් විසින් ආනයනය කරනු ලබන පියයුරු පිළිකා එන්නතක් අලෙවි කෙරුනේ රුපියල් දෙලක්ෂ අසූපන්දහසකටයි. ඊට ආදේශකයක් ලෙස රුසියාවෙන් එන්නතක් ආනයනය කළත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනුනා. තහනම් නියෝග නිකුත් කෙරුනා. නමුත් අභියාචනාධිකරණය දීර්ඝ කරුණු විමසීමකින් පසු ප්‍රකාශ කළා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මැදිහත්වීම ඉතා නරක බව. පිළිකා ඖෂධ මිල අඩු කිරීමටයි අපි මෙවැනි තීන්දු තීරණ ගත්තේ. කොමිස් ගහනවා නම් වැඩි මුදලට අලෙවි වන ඖෂධ වලින් කොමිස් ගහන්න තිබුනා. මිල අඩු කරලා කොමිස් ගහන්න බැහැ. නමුත් මෙම එන්නත පිළිබදව සිදු කරන ප්‍රචාරණ වල සත්‍යතාවයක් නැහැ. අල්ලස් කොමිසම, අධිකරණය කථා කරන්නේ මිල අඩු කළ නිසයි. මිල වැඩි කළා නම් කිසිදු වගවිභාගයක් නැහැ. ශ්‍රී ලංකාවේ මිනිසුන්ට හොදක් කළා නම් බැණූම් අහන්න සිදු වෙනවා. අනගාරික ධර්මපාල තුමාට සහ මහාචාර්ය සේනක බිබිලේ මහතාට ද සිදු වූයෙත් ඒ දේමයි.”

“අක්ෂි කාච මිල අඩු කිරිම සහ නොමිලේ සැත්කම් සිදු කිරීම ආරම්භ කිරීමේ දී විවිධ බලපෑම් එල්ල වුනා. ස්ටෙන්ස් මිල අඩු කිරීමට වඩා බලපෑම් එල්ල වුනේ අක්ෂි කාච මිල අඩු කිරීමේ දී. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමග සාකච්ඡා පවත්වා තමයි මෙම තීරණය ගනු ලැබුයේ. නමුත් අක්ෂි සැත්කම් සදහා රෝහල් වලට ලබාදී තිබූ යන්ත්‍ර සූත්‍ර ඇතැම් සමාගම් මෙම තීන්දුවත් සමග ඉවත් කර ගත්තා. නමුත් මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂවරයා යන්ත්‍රය ඉවත් කර ගැනීමට ඉඩ ලබාදුන්නේ නැහැ. ජාතික අක්ෂි රෝහලේ යන්ත්‍රයත් සමාගම අරන් ගියා. නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට තමයි එම දෙය සිදු කළේ. මාධ්‍ය හරහා ද අර්බුදයක් නිර්මාණය කළා. දැඩි අර්බුද මැද ගත් තීන්දුව අද සාර්ථක වී තිබෙනවා. ඇතැම් ව්ප්ලව සිදු කිරීමේ දී බලපෑම් එල්ල වෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරන ලද හොද අක්ෂි කාච තමයි රෝගීන්ට ලබාදෙන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කළ සංගණනයකට අනුව ලක්ෂ 12 කට අධික ජනතාවක් අන්ධභාවයට ලක්වෙමින් තිබෙනවා. ඔවුන් අන්ධභාවයෙන් මුදා ගැනීම සදහා තමයි මෙම තීන්දු තීරණය මම ගත්තේ. නිදහස් සෞඛ්‍ය සේවාවේ උපරිම ප්‍රතිලාභ ජනතාවට ලබාදිය යුතුයි.

අක්ෂි කාච ලක්ෂයක් සැත්කම් සිදු කිරීමේ දී විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුලු අනෙකුත් කාර්ය මණ්ඩල දැඩි කැපවීමක් සිදු කළා. 2017 වසරේ දී මෙම රෝහල තුල ශල්‍යකර්ම 67,000 ක් සිදු කර ඇති අතර, එම ශල්‍යකර්ම වල දී විෂබීජ පැතිර ඇත්තේ දශම 05 කටයි. වෛද්‍යවරුන්ගේ කැපවීම මම අගය කරනවා. සෞඛ්‍ය සේවය දෙස වෙනස්ව සිතිය යුතුයි. අවශ්‍ය පහසුකම් අපි ලබාදෙනවා. වෛද්‍යවරුන්ගෙන් සියයට 95 ක් පමණ නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙලට සහාය පළ කළත් සියයට 5 ක් පමණ අකමැත්ත ප‍ළ කලා. නමුත් මෙම වර්ෂය අවසන් වන විට අක්ෂි කාච ලක්ෂයේ සීමාව දෙලක්ෂය දක්වා වැඩි කිරීම මගේ අරමුණයි.”

– ප්‍රසන්න අධිකාරි


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka