gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජපක්‍ෂවරුන් තීරණයක් ගෙන අවසන්! - මෛත්‍රීට ඉඩක් නැහැ!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා කවුරුන් දැයි රාජපක්‍ෂ පවුලේ සාමාජිකයින් තීරණය කර ඇති බවත්, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේදී රට හමුවේ එම තීරණය ප්‍රකාශයට පත් කරනු ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වන්නේ ආණ්ඩුව පෙරලීම සඳහා පමණක් විය හැකි බවත් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා නොවන බවත් ඔහු අවධාරණය කර සිටියි.

ප්‍රසන්න රණතුංග මහතා එබව කියා සිටියේ 'නෙත්' කල විමසීමකදීය. මෛත්‍රීගේ තීරණය ගැන මහින්ද කනස්සල්ලෙන් !

පොහොට්ටු පක්ෂය ප්‍රමුඛ රාජපක්ෂවරුන් මෙසේ මෛත්‍රීපාල සිරිසේන මහතා අතහැරීමට තීරණය කර ඇත්තේ ඔහුගේ ඇතැම් කටයුතු සම්බන්ධයෙන් පවතින අවිශ්වාසය නිසා බව එම පක්ෂයේ ප්‍රධානියකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

පසුගියදා අයවැයට එරෙහිව ඡන්දය දෙන බවට එකඟව සිටි ශ්‍රීලනිපය, එම තීන්දුව ජනාධිපතිවරයාගේ බලපෑම මත කඩකිරීම ඊට ආසන්නම සිදුවීම බවත්, එය විපක්ෂ නායකවරයාගේ බලවත් කනස්සල්ලට හේතුවී ඇති බවත් එම ප්‍රකාශකය වැඩිදුරටත් කියා සිටියේය.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ජනාධිපතිවරයාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පිරිසක් ඡන්දය දීමෙන් වැළකී සිටීම කණගාටුදායක තත්ත්වයක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (16) දිනයේ ද සඳහන් කළේය. ඒ, මාතලේ මුවන්දෙණිය ශ්‍රී ධර්මාලෝක විහාරස්ථානයේපැවැති උත්සවයකට එක්වෙමිනි.

''පසුගියදා කණගාටුදායක සිද්ධියක් උනා. මේ අයවැය ලේඛණය පරාජය කරන්න හැකියාව තිබුනා. නමුත් ජනාධිපතිවරයාගේ කණ්ඩායමේ බොහෝ දෙනෙක් ජන්දය විමසන අවස්ථාවේදී සිටියේ නැහැ. නමුත් වසන්ත පෙරේරා මන්ත්‍රීවරයා ඇතුළු සිවුදෙනෙක් ජනාධිපතිවරයාගේ තීරණය ගැන නොසිතා ජනතාව වෙනුවෙන් පෙනී හිදිමින් ජන්දය ලබා දුන්නා'' යැයි මෙහිද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

''පොහොට්ටුවට තනිවම ජයගන්න බැහැ'' - දයාසිරි කියයි

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් 'පොහොට්ටු' පක්ෂය ගෙන ඇතැයි තීරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුයේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුවට) තනිව මීලග ජනාධිපතිවරණය ජය ගත නොහැකි බවයි.

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ ඊයේ (16) පැවැති මහනුවර දිස්ත්‍රික් නියෝජිත හමුව අමතමින් මහලේකම්වරයා මේ බව කියා සිටියේය.

නිදහස් පක්ෂය සහ පොහොට්ටුව එක්ව ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාවට තවත් ඡන්ද ප්‍රමාණයක් ජනාධිපතිවරණ ජයග්‍රහණයක් සදහා අවශ්‍ය බව ඔහු එහිදී කියා සිටියේය.

"අපි එකතු වුණේ නැත්නම් ජනාධිපතිවරණයේදී තව ඡන්ද ලක්ෂ 25ක් 30ක් පොදුජන පෙරමුණේ තනි අපේක්ෂකයා ගන්න ඕනේ අනිවාර්යයෙන්." යනුවෙන් ඔහු සඳහන් කළේය.

දයාසිරිගේ කතාවට පොහොට්ටුවෙන් පිළිතුරක් !

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (16) සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පැවසුයේ, ඕනෑම මැතිවරණයකට තනිව තරග කිරීමේ ශක්තියක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතු බවයි.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා තවත් සති දෙකක් ඇතුළත ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවද ඔහු කියා සිටියේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka